බෞද්ධ පුනරුදය හා ජාතික නිදහස වෙනුවෙන් වෙසෙස් මෙහෙවරක් කළ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දින පුණ්‍ය මහෝත්සවය මෙම 21, 22 දෙදින තුළ ලේක්හවුස් ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.
21 වැනි දින රාත්‍රී 9.00ට පරිත්‍රාණ ධර්ම දේශනය ආරම්භ කෙරේ. කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ ඊට සහභාගි වෙති. පරිත්‍රාණ ධර්ම දේශනය සඳහා භික්ෂූන් වහන්සේ වැඩම කරවීමේ පෙරහර රාත්‍රී 8.45ට සම්බුද්ධාලෝක විහාරස්ථානයෙන් පිටත් වේ.
පරිත්‍රාණ ධර්ම දේශනයේ සජීවි විකාශය ජාතික රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙනි.
22 වැනි දින දහවල් විසිපස් නමක් විෂයයෙහි සිදු කෙරෙන මහා සංඝගත දක්ෂිණාව ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.