එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා – පැසිෆික් කලාපීය සමුළුව මෙම මස 19 සිට 22 දක්වා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ. මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරීන් ද ඇතුළුව 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා රටවල් 35ක රාජ්‍ය නියෝජිතයන් (17) සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මීට අමතරව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Qu Dongyu මහතා 18දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, මහජන චීනය, මැලේසියාව, ජපානය, පකිස්ථානය, බංග්ලාදේශය ආදි රටවල් රැසක කෘෂිකර්ම අමාත්‍යවරුන් මෙම සමුළුවට සහභාගි වන බව මේ වන විටත් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
බුද්ධිකා ඉඹුලාන