Home » පසුගිය වසරේ පරිසර පැමිණිලි 2,962ක්

පසුගිය වසරේ පරිසර පැමිණිලි 2,962ක්

by Mahesh Lakehouse
February 17, 2024 12:34 am 0 comment

පරිසර ගැටලු සම්බන්ධයෙන් 2023 වසරේදී පැමිණිලි 2,962ක් ලැබුණු බවත් මේ වන විට එයින් 85%ක් විසඳීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ සිළුමිණට පැවසීය.

ලැබී ඇති පැමිණිලි අතරෙන් ජාතික පාරිසරික පනත යටතේ මධ්‍යම පරිසර අධිකාරියට ඍජුව අදාළ වන පැමිණිලි සම්බන්ධයෙන් එම අධිකාරිය විසින් ක්‍රියාමාර්ග ගන්නා අතර, ඍජුව අදාළ නොවන පැමිණිලි 752ක් අදාළ නියාමන ආයතන වෙත යොමු කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

සමස්ත පැමිණිලි අතරෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කර්මාන්ත ආශ්‍රිතව වන අතර, වාහන අලුත්වැඩියා කිරීමේ ගරාජ, ලී මෝල්, වඩු මඩු හා සත්ත්ව ගොවිපළවල්වලින් සිදුවන පරිසර දූෂණය සම්බන්ධ පැමිණිලි ඒ අතර වේ. කොහු කර්මාන්තශාලා සහ බ්ලොක්ගල් නිෂ්පාදන කර්මාන්තශාලාවලින් සිදු වන පරිසර දූෂණය සම්බන්ධ පැමිණිලි ද ඉහළ අගයක පවතී.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division