මේ වසරේ මාස එකහමාරක කාලය තුළදී සංචාරක ව්‍යාපාරය මඟින් රුපියල් කෝටි 700ක් උපයා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් නලින් පෙරේරා සිළුමිණට පැවසීය.
2024 වසරේ සංචාරකයන් පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් නැවත කර්මාන්තය යථාතත්ත්වයට පත් වූ බවත්, පළමු මාස එකහමාරක කාලය තුළ සංචාරකයන් 306,708ක් මෙරටට පැමිණ ඇති බවත්, ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව මේ වසර තුළදී සංචාරකයින් මිලියන 2.3ක් හෝ ඊටත් වඩා වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව සංචාරක කර්මාන්තය නුදුරේදීම ඉහළම විදේශ විනිමය උපයන්නා බවට පත් වන බවද හෙතෙම මෙහිදී පැවසීය.
රසික කොටුදුරගේ