යුක්තිය මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා රටපුරා සිදු කරන ලද වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 55,110ක් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් 1435 දෙනෙක් කාන්තාවෝ වෙති. හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 19,779 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සොයා ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍යවල ප්‍රමාණය කිලෝ 144කි.
අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 11998 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයා ගෙන තිබේ.
එහිදී ගංජා සම්බන්ධ සැකකරුවන් 20872 ක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලදා ගංජා ප්‍රමාණය කිලෝ 2743 කි. වෙනත් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් සංඛ්‍යාව 4004කි. සොයා ගන්නා ලද එවැනි මත්ද්‍රව්‍යවල ප්‍රමාණය කිලෝ 292කි. මත්පෙති 367977ක්ද සොයා ගෙන ඇත.
දීපාල් සමරසේකර