Home » දරුවන් 260,000කට දන්ත ආබාධ

දරුවන් 260,000කට දන්ත ආබාධ

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

මෙරට පාසල් සිසුන්ගෙන් දෙලක්ෂ හැටදහසක් පමණ බරපතළ දන්ත ව්‍යසනයන්ටත් ලක්ව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සභික ඩබ්.ඩී. රෝෂන් කුමාර සිළුමිණට පැවසීය.

2023 වසරේදී පරීක්ෂා කළ යුතු යැයි හඳුනා ගත් සිසුන් 15,89,603 දෙනකුගෙන් මේ වන විට සිසුන් 13,61,769ක් පරීක්ෂා කර ඇත. දන්ත ආබාධවලට අමතරව අක්ෂි ආබාධ ඇතුළු විවිධ රෝගාබාධයන්ට ගොදුරු වූ සිසු සිසුවියන් රැසක් හඳුනාගෙන තිබේ. අධික පැණි රස ආහාර ගැනීම සහ ක්‍රියාශීලී බව අඩු වීම හේතුවෙන් නාගරික පාසල් ආශ්‍රිත දරුවන් බහුල ලෙස මෙම තත්ත්වයට ගොදුරු වී ඇති අතර, ග්‍රාමීය දරුවන් තුළ ද මෙම තත්ත්වය දැක ගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division