කඩොලාන පරිසර පද්ධති යළි ගොඩනැගීමට සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමට ජාතික මට්ටමින් දරන ලද අත්‍යවශ්‍ය සුවිශේෂී උත්සාහයන් අගයමින්, ශ්‍රී ලංකාව 2024 වසරේ එක්සත් ජාතීන්ගේ ඇගයීම් සම්මානයට පාත්‍ර වී ඇත. ඒ අනුව මෙරට කඩොලාන ප්‍රතිෂ්ඨාපන මෙහෙවර එකසත් ජාතීන්ගේ ‘වර්ල්ඩ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ශිප්’ (World Restoration Flagship) වැඩසටහන යටතේ ගෝලීය වශයෙන් අවධානයට ලක්වන සුවිශේෂී ජයග්‍රහණයකි. මෙම සම්මානය අපේ රටට හිමිවීම සුවිශේෂී සංරක්ෂණ කඩඉමක් ලෙස හැදින්විය හැකිය. 2024 පෙබරවාරි 27 වන දින කෙන්යාවේ නයිරෝබි නුවර දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී මෙම සම්මානය ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් 2021-2030 පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ දශකය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.