Home » රෙදිපිළි කර්මාන්තය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනය පෙබ. 29 සිට SLECC හිදී

රෙදිපිළි කර්මාන්තය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනය පෙබ. 29 සිට SLECC හිදී

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

CEMS Global USA ආයතනය මඟින් 11වැනි වරට පැවැත්වෙන ‘ජාත්‍යන්තර රෙදිපිළි සහ ඇඟලුම් තාක්ෂණය සම්බන්ධ ප්‍රදර්ශනය- 2024 ‘, ජාත්‍යන්තර නූල් සැරසිලි සහ උපාංග නිෂ්පාදකයින්ගේ සහභාගිත්වයෙන් 13 වැනි වරට පවත්වන ‘කොළඹ ජාත්‍යන්තර නූල් සහ රෙදිපිළි ප්‍රදර්ශනය – 2024’ සහ 43 වැනි වරට පවත්වන වර්ණක සහ සියුම් විශේෂිත රසායන හඳුන්වා දෙන ‘ඩයි+කෙම් ශ්‍රී ලංකා – 2014’ ජාත්‍යන්තර ප්‍රදර්ශනය යන ත්‍රිත්ව ප්‍රදර්ශනයන් පෙබරවාරි මස 29 සිට මාර්තු 02 දක්වා, පෙ.ව.10.00 සිට සවස 6.00 දක්වා ලේක්හවුස් ඉදිරිපිට Sri Lanka Exhibition and Convention Centre හිදී පැවැත් වේ.

ඇඟලුම් කර්මාන්තයේ නියැළෙන කර්මාන්තකරුවන්ට සහයෝගිතා පහසුකම් සැලසීම, නවතම තාක්ෂණය ප්‍රදර්ශනය කිරීම සහ වෙළෙඳ සබඳතා වර්ධනය කිරීම යන අරමුණු සඳහා සංවිධාන කර ඇති මෙම සුවිසල් ප්‍රදර්ශනයට CEMS Global USA ආයතනය විසින් මහද්වීප හතරක බංග්ලාදේශය, බ්‍රසීලය, මොරොක්කෝව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල මෙම කර්මාන්තයට අයත් විවිධ ක්ෂේත්‍ර B2B ලෙස සම්බන්ධ වනු ඇත. මෙය ජාත්‍යන්තර රෙදිපිළි නිෂ්පාදකයින් සහ ඇඟලුම් කර්මාන්තය අතර වැදගත් සම්බන්ධතාවක් ගොඩනැඟීමට විශාල වේදිකාවක් වන බව CEMS Global USA ආයතනය පවසයි.

රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ නවීන යන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණික මෙවලම් පිළිබඳ පුළුල් දැනුමක් ලබා දෙමින් එම යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම, ‘ඩයි+කෙම් ප්‍රදර්ශනය හරහා රෙදි පිළි සහ ඇඟලුම් අංශය සඳහා අත්‍යවශ්‍ය ඩයි වර්ග, රසායනික ද්‍රව්‍ය සහ සහායක නියෝජිතයන් හඳුනා ගැනීම මෙන්ම, නවෝත්පාදනය සහ තිරසරත්වය ප්‍රදර්ශනය කිරීම, වෙනස් වන ගෝලීය අවශ්‍යතා ඉදිරියේ ඇඟලුම් කර්මාන්තය පරිණාමනය විය යුතු ආකාරය ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රගමනයට දායක වන සියලු අංශ මෙම ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කෙරෙනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division