Home » යුනියන් ඇෂුවරන්ස් වෙතින් 2023ට 13.5%ක ලාභාංශ අනුපාතයක්

යුනියන් ඇෂුවරන්ස් වෙතින් 2023ට 13.5%ක ලාභාංශ අනුපාතයක්

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment
ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී ආශා පෙරේරා

යුනියන් ඇෂුවරන්ස් සමාගම, 2023 මූල්‍ය වර්ෂය සඳහා සමස්ත ජීවිත රක්ෂණ හිමියන්ගේ ලාභාංශ අනුපාතය 13.5%ක් වන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි.

2023 වසර සඳහා පැවති සහතික කළ අවම ලාභාංශ අනුපාතය වූ 10% හා සසඳන විට, මෙම 13.5%ක් වන සුවිශිෂ්ට ලාභාංශ අනුපාතය අපේක්ෂිත අනුපාත අගයන් ඉක්මවා යමින්, සමාගම සිය මූල්‍ය ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව යළිත් වරක් පෙන්නුම් කර තිබේ.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා සඳහන් කළේ, “අපගේ පාර්ශ්වකරුවන්ට උපරිම වටිනාකමක් ලබා දීම සඳහා අප තුළ ඇති කැපවීමට පැහැදිලි සාක්ෂියක් ලෙස 2023 වසර සඳහා අපගේ සහතික කළ ලාභාංශ අනුපාතය අභිභවා යමින් සුවිශේෂී ලාභාංශ අනුපාතයක් ප්‍රකාශයට පත් කිරීමට ලැබීම අපට සතුටක්. මෙය පසුගිය දශකය තුළ ප්‍රකාශිත ඉහළ ම ලාභාංශය යි. මෙම ලාභාංශ අනුපාතය අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිත අරමුදලේ වර්ධනයට ඍජුව ම දායක වන අතර, ඔවුන්ගේ මූල්‍ය සුරක්ෂිතභාවය තවදුරටත් ඉහළ නංවමින් 2023 වසර අවසානයේ ජීවිත අරමුදල රු. මිලියන 64,510ක් දක්වා වර්ධනය වුණා…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division