Home » පොත් පුවත්

පොත් පුවත්

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

විමල් දිසා­නා­යක සාහිත්‍ය විචාර ක්‍රම­වේ­දය

කර්තෘ – විමල් දිසා­නා­යක සාහිත්‍ය විචාර ක්‍රම­වේ­දය
කර්තෘ – කුල­ති­ලක කුමා­ර­සිංහ
ප්‍රකා­ශ­නය – සී/ ස ඇස් ගොඩගේ සහ සහෝ­ද­රයෝ
මිල – රු 700
පිටු- 156

අද්‍ය­තන සිංහල සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයේ ඉහ­ළින්ම වැජ­ඹෙන සාහිත්‍ය විචා­ර­ක­යෙකු වූ විමල් දිසා­නා­ය­ක­යන්ගේ විචාර ග්‍රන්ථ මනා අධ්‍ය­න­ය­කින් යුතුව හදාරා මෙම කෘතිය රචනා කර ඇත. විමල් දිසා­නා­ය­ක­යන්ගේ නිර්මා­ණා­ත්මක , ශාස්ත්‍රීය හා විචාර ග්‍රන්ථ පුළුල්ව අධ්‍ය­නය කිරී­ම­කින් අන­තු­රුව රචිත මෙම කෘතිය විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය ලබ­න්නන් ඇතුළු උසස් අධ්‍යා­ප­නය හදා­ර­න්නන්ට මහැඟි කෘති­යක් වනු ඇත.


මරු කතරේ පිපෙන මලක්

කර්තෘ – මරු කතරේ පිපෙන මලක්
කර්තෘ – රොහාන් හේවගේ
ප්‍රකා­ශ­නය – කර්තෘ ප්‍රකා­ශන
මිල – රු 420
පිටු- 74

මෙය රොහාන් හේවගේ ගේ ප්‍රථම කෘති­යයි. ළමා වියේ සිට ජීවි­තයේ මුහුණ දෙන අත්දැ­කීම් ‘මරු කතරේ පිපෙන මලක්‘හි අන්ත­ර්ගත වෙයි. සරල බස් වහ­රක් යොදා ගනි­මින් රචිත මෙම කෘතිය හරහා කතු­ව­රයා උත්සහ කරන්නේ ඒ හරහා යහ­පත් සමා­ජ­යක් ගොඩ නැඟී­මට යම් උත්සා­හකි.


මාන Dimensions

කෘතිය- මාන Dimensions
කර්තෘ – සුසන්ත ජය­නාල් පෙරේරා
ප්‍රකා­ශ­නය – කාව්‍යා ප්‍රකා­ශන
පිටු – 64
මිල – රු 300

මාන කෘතිය සුසන්ත ජය­නාල් පෙරේරා ලේඛන දිවි­යට නව මාන­යක් එක් කළ කෘති­යකි. ජීවි­තයේ විවිධ ඉසව් මාන­යන් ඔත්සේ ග්‍රන්ථ රාශි­යක් රචනා කළ කර්තෘ විසින් මෙම කෘති­යෙන් තමන්ගේ ජීවි­තයේ මුණ ගැසුණු විවිධ චරිත, සංසි­ද්ධීන් මාන හරහා ගෙන එයි. ජාතික මට්ට­මින්ද සම්මාන රැසක් ලබා ගෙන ඇති කතු­ව­ර­යාගේ මෙම කෘතිය සරල වාග් කෝෂ­ය­කින් නිර්මිත වී ඇත.


කාලය, අව­කා­ශය තුළ මාක්ස්වා­දය

කර්තෘ – කාලය, අව­කා­ශය තුළ මාක්ස්වා­දය
කර්තෘ – චමිල් ජය­නෙත්ති
ප්‍රකා­ශ­නය – ෆාස්ට් පබ්ලි­ෂින් ( ප්‍රයි­වට්) ලිමි­ටඩ්
මිල – රු 1350
පිටු-272

ප්‍රාග් ඓති­හා­සික චින්ත­නය, වහල්, වැඩ­ව­සම්, ධන­වාදි සමාජ දර්ශන පම­ණක් නොව අපෝ­හ­ක­වා­දය, ඓති­හා­සික භෞති­ක­වා­දය මෙන්ම ජාත්‍ය­න්තර මාක­ස්වා­දය, මාක්ස්, එංග­ල්ස්ගෙන් පසු භෞති­ක­වා­දය ඇතුළු මාක්ස්වා­දය පිළි­බඳ පරි­ච්ඡේද ගණ­නා­වක් හරහා මාක්ස්වා­දය පිළි­බඳ පුළුල් විග්‍ර­හ­යක් ඉදි­රි­පත් කරන ග්‍රන්ථ­යකි. මෙම ග්‍රන්ථය හරහා මාක්ස්වා­දය පිළි­බඳ වැඩි­දුර දැනුම් ලබා­ගත හැකි­වෙයි.


ගිරා මලිති සන්දේ­ශය

කෘතිය- ගිරා මලිති සන්දේ­ශය
කර්තෘ – සානිත්‍ය හෙට්ටි­ආ­රච්චි
පිටු – 68
මිල – රු 500

ගිරා මලිති සන්දේ­ශය කර්තෘගේ නව­තම කාව්‍ය කෘති­යයි. මේ සන්දේ­ශයේ කාව්‍ය 147 කින් සම­න්විත වන අතර ගාල්ලට තදා­සන්න ගම්බි­ම්වල අතීත තතු හා ඒවායේ නම් ආදිය පට­බැ­ඳුනු ආකා­රය පිළි­බ­ඳව යම් විග්‍ර­හ­යක් මේ ඔත්සේ සිදු කෙරෙයි. ඉපැ­රණි සංදේ­ශ­ක­රු­වන් ගත් මාර්ගය ගරු­කොට ගනි­මින් රචින මෙම කාව්‍ය සංග්‍ර­හය සන්දේශ කාව්‍ය සංග්‍ර­හ­යක ස්වරූ­පය ගත්තකි.


රෑ පානේ ලියූ කවි

කෘතිය- රෑ පානේ ලියූ කවි Twilight Poems
කර්තෘ – නලිනි ද සිල්වා
ඉංග්‍රීසි පරි­ව­ර්ත­නය – වෛද්‍ය ලංකා සිරි­ව­ර්ධන
පිටු – 76
මිල – රු 450

ජපන් හයිකු කාව්‍ය සම්ප්‍ර­දාය අනු­ග­ම­නය කර­මින් නලිනි ද සිල්වා විසින් රචිත රෑ පානේ ලියූ කවි Twilight Poems ඉංග්‍රීසි බසට පරි­ව­ර්ත­නය කර ඇත්තේ වෛද්‍ය ලංකා සිරි­ව­ර්ධන විසිනි. හයිකු ඉතා සරල කවි විශේ­ෂ­යක් වුවත් ලිවී­මට අප­හසු අභි­යෝ­ගා­ත්මක කවි විශේ­ෂ­යක් වශ­යෙන් කතු­ව­රිය හදුන්වා දී ඇත. මෙම කෘතියේ ඇය විසින් හයිකු කාව්‍ය 56 ක් ඉදි­රි­පත් කර තිබිම විශේ­ෂ­ත්ව­යකි. මෙම කෘතියේ හයිකු කාව්‍ය සම්බ­න්ධ­යෙන් ශ්‍රි ලංකා හයිකු කවි සංග­මය විසින් ඉදි­රි­පත් කර ඇති පෙර දැක්ම හරහා හයිකු කවිය යුතු කුමක්ද යන්න අව­බෝ­ධ­යක් ලබා­ගත හැකි වන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division