Home » දිවලකඩ රතනජෝති හිමි සැමරුම හා ගුලිගේ ‘දිවලකඩ පුරාණය‘ එළිදැක්වීම 29 දා

දිවලකඩ රතනජෝති හිමි සැමරුම හා ගුලිගේ ‘දිවලකඩ පුරාණය‘ එළිදැක්වීම 29 දා

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

දිවලකඩ ශ්‍රී ඛෙත්තාරාමය සහ නාවල සිරි සිද්ධත්ථාරාමාධිපතිව වැඩසිටි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය ධුරය හෙබ වූ දිවලකඩ ශ්‍රී රතනජෝති නා හිමියන්ගේ ගුණ සැමරුම නිමිත්තෙන් 29 වෙනිදා දහවල් දානමය පින්කමක් ඛෙත්තාරාමයේදී පැවැත්වේ. බෝතලේ ණිස්සර නායක හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මෙම පින්කමේදී රතනජෝති හිමියන්ගේ ගුරු ආචාර්යන් වහන්සේ වන යටවතුරේ පියරතන නායක හිමියන්ට ද පින් අනුමෝදන් කෙරේ.

එදින දිවලකඩ ගුණදාස ලියනගේ සූරීන් ලියූ දිවලකඩ පුරාණය ඇතුළත් “බැද්දට මල් වරුසා කෘතිය” එළිදැක්වීමට ද වජිර ලියනගේ විසින් කටයුතු යොදා ඇත. මෙම උත්සවයේ ආරාධිත දේශනය ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී තිස්ස ජයවර්ධන විසින් පවත්වනු ලැබේ. “බැද්දට මල් වරුසා” කෘතියට පෙර වදනක් සපයා ඇති මහාචාර්ය නන්දසේන රත්නපාල සටහන් කොට ඇත්තේ බැද්දේගම, ගම්පෙරළිය සහ කරුමක්කාරයෝ වැනි මෙරට ගැමි ජීවිතය නිරූපිත නවකතා අතරින් ප්‍රශස්තම කෘතිය වන්නේ බැද්දට මල් වරුසා නවකතාව බවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division