ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දින සමරු පින්කම ඉකුත් 21 හා 22 වැනිදා රාත්‍රියේ ලේක්හවුස් පරිශ්‍රයේදී පැවැත්වුණි. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව 21 වැනිදා පැවැත්වුණු අතර පසුදින සංඝගත දක්ෂිණාවක් පැවැත්වුණි.
21 වෙනිදා පැවැති පිරිත් පින්කම වෙනුවෙන් සධාතුක කරඬුව සහ පිරුවානා පොත් වහන්සේ කොළඹ, කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ලේක්හවුස් පුවත්පත් කර්තෘවරුන් ලේක්හවුස් බෞද්ධ සංගමයේ නිලධාරීන් ඇතුළු සේවක සේවිකාවන් පෙරහරකින් ලේක්හවුස් ආයතනය වෙත වැඩම කරවන ලදි. ලේක්හවුස් ආයතනයේ දොරටුව අබියසදී සභාපතිවරයා විසින් සධාතුක කරඬුව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් වෙත පිළිගන්වන ලදි. ඇමැතිවරයා සධාතුක කරඬුව ලේක්හවුස් මන්දිරයේ ඉදිකර තිබූ දර්ශනීය පිරිත් මණ්ඩපයේ තැන්පත් කිරීමෙන් අනතුරුව පිරුවානා පොත් වහන්සේ පිරිත් මණ්ඩපයේ තැන්පත් කළ අතර, සධාතුක කරඬුවට ගිලන්පස පූජා කිරීම ද අමාත්‍යවරයා අතින් සිදුවිය.
ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ගිලන්පස පූජා කිරීම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සිදු කළ අතර, සධාතුක කරඬුවට මල් වට්ටිය පූජා කිරීම මහා භාරකාර ගිහාන් පිලපිටිය අතින් සිදු කරන ලදී. පිරිත් මණ්ඩපය වටා ඇති පහන් දැල්වීම ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ මංජුල මාකුඹුර, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රි, මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල හා අතිරේක සාමාන්‍යාධිකාරී විරාජිත් බොයිස් විසින් සිදු කරන ලදී. පින්කමට ප්‍රථමයෙන් ලේක්හවුස් සභාපතිවරයා, විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන විසින් ඩී. ආර්. විජයවර්ධනයන්ගේ සේයාරුවට මල්දමක් පලඳවා උපහාර දැක්වීය.
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් අනතුරුව පසුදා ( 22) දහවල් විසිපස් නමක් විෂයෙහි මහා සංඝ ගත දක්ෂිණාවක් ද පැවැත්වුණු අතර මෙම අවස්ථා සඳහා ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, ලේක්හවුස් ප්‍රකාශනවල ප්‍රධාන කර්තෘවරුන්, සමාගම් ලේකම් නීතිඥ සුදර්ශී ප්‍රසංගා මහත්මිය ඇතුළු ලේක්හවුස් සේවක සේවිකාවන් සහභාගි වූහ.
කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමිපාණන්ගේ හා හුනුපිටියේ ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් හා බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් මෙම පින්කම් මාලාව පැවැත්විණි.
ඡායාරූප – මාලන් කරුණාරත්න, චින්තක කුමාරසිංහ