1.2K
මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය තවත් මාසයක් පමණ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අධික උණුසුම් කාලගුණ තත්ත්වය පසුගිය ජනවාරි මස අවසන් සතියේ ආරම්භ වූ අතර මේ වන විට දිස්ත්‍රික්ක 8ක් උණුසුම් අවදානම් ප්‍රදේශ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව කොළඹ, ගම්පහ, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්ක අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ පවතිනු ඇත.
දීපාල් සමරසේකර