අයි.එම්.එෆ්. නිර්දේශ අනුව මහ බැංකුව ආණ්ඩුවට හෝ පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක් බවට පත් කළේ වත්මන් ආණ්ඩුව වන හෙයින් මහ බැංකුව විසින් ගන්නා තීන්දු තීරණවලට මුළුමනින්ම වගකිවයුත්තේ ඔවුන් බව ජ.වි.පෙ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක පෙන්වා දෙයි. ‘‘මේ වන විට මහ බැංකුව ජනතාවගෙන් පත්වන ආණ්ඩුවට වග නොකියන තත්වයක් තුළ මහ බැංකුවේ සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ වගකියන්න ඕන නැහැ. මොකද මේ වෙද්දී ලංකාවේ මහ බැංකුව වගකියන්නේ ලෝකෙ ඉන්න බැංකු කාරයන්ට. ඒ තත්ත්වය ඇති කළේ කවුද කියන එක රහසක් නෙමෙයිනෙ.
මේ තත්ත්වය තුළ ඉදිරියේදී මහජන ඡන්දයෙන් පත්වන ආණ්ඩු වට්ටන්න වුණත් මහ බැංකුවට පුළුවන්.” යනුවෙන්ද ඔහු පැවසීය.