1.3K
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහර නවම් පුර පෝය යෙදුණු පසුගිය සිකුරාදා (23 වැනිදා) උත්සවශ්රීයෙන් වීදි සංචාරය කෙරිණි. එහිදී ජනාධිපති රනිල් වික්රමසිංහයන් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් සධාතුක කරඬුව ඉන්දිරාජා හස්තිරාජයා මත තැන්පත් කළ අවස්ථාව මෙහි දැක්වේ. ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝද මෙහි වෙති. (ඡායාරූපය – නිශ්ශංක විජේරත්න)