නවලෝක රෝහල් සමූහයට අයත් New Nawaloka Medical Center (Pvt) Ltd සමාගම පරාටේ නීතියට අනුව හැටන් නැෂනල් බැංකුව වෙත පවරා ගැනීම තහනම් කරමින් අභියාචනාධිකරණය විසින් 2024 පෙබරවාරි 28 වන දින අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලදි.
නවලෝක රෝහල් සමූහයේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව විවිධ පාර්ශ්වයන් විසින් මෑතකදී සිදු කළ අසත්‍ය ප්‍රචාරයන් පිලිබඳව රෝහල් සමූහයේ ඉහළ කළමනාකාරීත්වයේ අවධානය යොමු වී ඇති අතර රෝහල් සමූහයේ මූල්‍ය ස්ථාවරත්වය පිලිබඳව වූ පදනම් විරහිත ප්‍රකාශයන් මුලුමනින්ම බැහැර කරන බවත් ශ්‍රී ලංකාවේ පුරෝගාමී සහ ප්‍රමුඛතම පුද්ගලික රෝහල් සමූහය ලෙස ශ්‍රී ලාංකිකයින්ගේ සහ ජාත්‍යන්තර පාරිභෝගිකයින්ගේ සුවපත් බව කෙරෙහි වූ තම උදාර ජාතික මෙහෙවර තවදුරටත් පෙරට වඩා ශක්තිමත්ව පවත්වාගෙන යෑම සිය මූලික අරමුණ බව නවලෝක රෝහල් සමූහය පවසා සිටියි.
ඇතැම් පාර්ශ්වයන් විසින් නවලෝක රෝහල් සමූහයට එරෙහිව නඟන පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයන් තවදුරටත් ප්‍රචාරය කරමින් සිටියද, සිය මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත්ව පවත්වා ගෙන යෑමට අවශ්‍ය උපායමාර්ගයන් මේ වන විටත් දියත් කර ඇති බව සිය කොටස් හිමියන් වෙත දැනුම් දී ඇති බව නවලෝක රෝහල් සමූහය වැඩි දුරටත් පවසයි. එබැවින් සිය මූල්‍ය වගකීම් නිසි ලෙස ඉටුකිරීමටත්, රෝහල් සමූහයේ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාව සිය රෝහල් සමූහයට ඇති බව නවලෝක රෝහල් සමූහය වැඩි දුරටත් අවධාරණය කරයි.