– නිවැරදිව සකස් කළොත් ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවනවා නිසැකයි
– වත්පිළිවෙත් ඉටුකර යන්ත්‍රය නිමා කරගන්නේ මෙහෙමයි
වර්තමානයේ මෙරට මන්ත්‍ර, යන්ත්‍ර තන්ත්රයන් සහිත සියලු පුස්තකයන් සහ ඒවාට අදාළ විවිධ භාණ්ඩ දිරාපත්ව යන බවත් පෙනෙන්නට ඇත. මේ නිසා අනාගතයේදී මිනිසාට ගුප්ත ක්‍රම මගින් ශාන්තියක් උදාකර ගැනීමට නොහැකි වේ.
ඊට හේතුව වන්නේ මහා බලගතු මන්ත්‍ර සහ යන්ත්‍ර ආදී ගුප්ත විද්‍යාවට අදාළ කරුණු ඇතුළත් පුස්කොළ පොත් දුම්මැසි අටු අටුලු ආදී තැන්වල මීයන්ට, කාවන්ට, ගුල්ලන්ට බිලිවී විනාශ වීමයි. එමෙන්ම තවත් ඉතාම බලගතු යන්ත්‍ර මන්ත්‍ර තන්ත්ර ඇතුළත් පුස්කොළ පත්ඉරු ඉංග්‍රීසින් විසින් රැගෙන ගොස් ඔවුන්ගේ කෞතුකාගාරවල තැන්පත් කර ඇත.
පුරාණයේ විසු මන්ත්රවේදියෝ එම අද්භූත මන්ත්‍ර ශාස්ත්‍ර බලයෙන් හැම ක්‍රියාවක්ම කළ බව මන්තර ඉතිහාසයේ දැක්වේ. මළ මිනියක් ගොඩගෙන එයට පණ දි අවියක් අත තබා සතුරා ඇති තැනට යවා ඔහු මරවා ආපසු තමා ළඟට ගෙන්වා ගැනීමටත් අහසින් යෑමටත් නානා වෙස් වළාගත් විවිධ රෝග සුව කිරීමටද, සර්පයන් දැපනේ හෙළීමට දිවි, කොටි, වලස්, අලි ඇතුන්, සිංහයින් හා දළ ඇතුන් මෙල්ල කිරීමට අදාල මන්තර ශාස්ත්‍රය අපේ රටේ එකල විසූ පැරණි විද්වතුන්ට “සිතුමිණක්” බඳු විය.
සිළුමිණ ඉසිවර පාඨක ඔබගේ යහපත සහ සුබ සිද්ධිය සඳහා මා අද ඉදිරිපත් කරන මෙම යන්ත්‍රය සහ මන්ත්‍රය පුරාණයේ මාතර ගිරුවා ජනපදයෙහි කිරම රත්මලේ කඳුබොඩ නිවසක තිබුණු ඉපැරණි පුස්කොළ ලේඛනයකින් උපුටා මෙසේ දායාද කරන්නේ ඔබගේ සියලු කාරණා ඉටු වී යහපත හා සුබසිද්ධිය උදාකර ගැනීම සඳහාය. මෙම මහා බල ඇති යන්ත්‍රය සකස්කර ගැනීම සඳහා පළමුව රන්, රිදී හෝ තඹ පතක අඟල් 2 – 2 ප්‍රමාණයට කර පැලඳීමට ද අගල් 7 – 7 ප්‍රමාණය නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ තැන්පත් කිරීම සඳහා නෙළුම් කොළ 8ක් ඇඳ මෙහි ඇති අක්ෂර එහි ලියා මැද කවය තුළ තම නම ලියන්න. ඊට පසු වල් බුත්සරණ කොළ ගෙඩි, කුංකුමප්පු, බෝපත්, ගෝරෝචන, කස්තුරි, බැමිකීරිය, හිරියල්, විජයපත්රං, අබිං, රත්මල්, විෂ්ණු ක්‍රාන්තිය, කළු අත්තන, තුංබෝ, අත්තන, හඳුන් තෙල් හා රන් තැඹිලි තෙල් මිශ්‍රකර අඹරා යන්ත්‍රය පුරා ගා ඉතිරි ඒවා බඳුනක තබා මල් යහනාවක් ඉදිකර ඒ මත තබා ජ්‍යෙතිෂය අනුව සුබ දිනය වන බදාදා බුද හෝරාව තුළදී මන්ත්‍රීය ශාස්ත්‍ර විධි අනුව 1008 වරක් ගයා ජපකර රන්, හෝ රිදී සුරයක බහා කර පලඳින්න. නිවසේ හෝ වෙනත් ස්ථානයක නම් බිත්තියේ සවි කරන්න. තම අභිමතාර්ථ සිද්ධි වී ඉටුවේ.
මන්ත්‍රය :- ඕං වජ්රකාය වජ්ජුතුණඩ කපිල පිංඟල ඌර්ධවකෙශ මහා බල රක්ත මුඛ තඩි ජ්ජිශ්ව මහා රෞද්‍ර දංෂ්ට්රොත්තම කරාලිනෙ මහා දෘඪප්රහරීන් ලංකේශ්වර මධාය මහා සේතු බන්ධමහා කෛලාශ ප්රමාහ ගඟනේශ්වර ඒ භ්යොහි මහා රෞද්‍ර දීඝි ප්රමෙජන වෙෂටය වෛරිනං භඤජය හුං ඒට් ඕං ඕං හ්රීං හ්රීං නමෝ නමෝ හනුමන්තේ හුං හුං එට්
මන්ත්‍රය ගයන යන්ත්‍රය ජප කරන මාන්ත්‍රිකයා ගෙරිමස් අළුපුහුල්, අළුකෙසෙල්, පලා, පිළිහුඬු කිලි ආදියෙන් වැලකීම යන්ත්‍රයේ සත්‍යතාවයට ගරු කිරීමකි. නැතිනම් අශුභ පල ඇතිවේ.
මෙය භාවිත කරන අයට දියුණුව ඇතිවීම, ආරක්ෂාවට, වින නොවැදීම, සතුරන් පරාජයවීම, යක්ෂ, භුත, ප්‍රේත, අමනුෂ්‍ය දෝෂ දුරුවීම, නඩුවෙන් ජය ලැබීම, වෙළඳ වෛද්‍ය ආදී ව්‍යාපාර දියුණුව, ලාභ ලැබීමට රජුන් ප්‍රභූන් අවනත වීමට ස්ත්‍රී පුරුෂ වසඟයට, දුටුවන් ප්‍රිය වීමට, ගෙවල යක්ෂ, ප්‍රේත දිෂ්ටි දුරුවීමට සහ මහත්, තේජස්, ප්‍රතාප කීර්ති ආදියෙන් විරාජිත වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී රඹුක්කන ජිනදාස එදිරිසිංහ