මඩුවන්වෙල
කෘතිය – මඩුවන්වෙල
කර්තෘ – යනූෂා ලක්මාලි
ප්රකාශනය – සුසර ප්‍රකාශකයෝ
මිල – රු 700
පිටු ගණන – 247
2014 වසරේ ජාතික යොවුන් සම්මාන දිනූ නවකතාව වන්නේ යනූෂා ලක්මාලි විසින් රචිත මඩුවන්වෙලයි. මෙම නවකතාව ඇය මෙතෙක් ලියූ නවකතාවන්ට වඩා වෙනස් මඟක් ගත්තකි. මෙය ඓතිහාසික නවකතාවකි. නිදහස ලැබීමට පෙර සබරගමුව ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රාදේශීය රජ කෙනෙකුට සමාන වූ දිසා මන්ත්‍රීවරයෙකුගේ ජීවන රටාව ඇසුරෙන් මෙම නවකතාව ගෙතුම් වී ඇත. මේ නවකතාවේදී මඩුවන්වෙල දිසාවේ පුවතත් ඒ චරිතවල අභ්‍යන්තරයත් මතු පිටට ගෙන ඒම සඳහා ඇය විසින් කට වහරට හුරු භාෂා රීතියක් යොදා ගෙන තිබීම විශේෂත්වයකි.
මහත්වරු සිසිර නින්දක
කෘතිය – මහත්වරු සිසිර නින්දක
කර්තෘ – රංජිත් මල්ලියාවඩු
ප්රකාශනය – කවිවර ප්‍රකාශන
මිල – රු 400
පිටු- 72
පද්‍ය, ළමා සාහිත්‍ය , ගීත ඇතුළු කාති රාශියක් රචනා කර ඇති කර්තෘ රංජිත් මල්ලියාවඩු ගේ අලුත්ම ග්‍රන්ථය වන්නේ ‘මහත්වරු සිසිර නින්දක‘ කෘතියයි. මෙම කාව්‍ය සංග්‍රහය හරහා ඔහු විසින් විවිධ මාතෘකා යටතේ පද්‍ය පන්තින් ගණනාවක් රචනා කර ඇති අතර කෘතිය අග 2002 වසරේ පළකළ එලංගාව කාව්‍ය සංග්‍රහය පිළිබඳ සහෘද සටහන් ත්‍රිත්වයක්ද දක්වා ඇත.
දකින්න වෙනස්ව ජීවිතය
කෘතිය – දකින්න වෙනස්ව ජීවිතය
පරිවර්තනය – නිරංජන් චාමින්ද
කරුණාතිලක
ප්රකාශනය – සී/ සහිත ඇම්.ඩී
ගුණසේන සහ
(පුද්ගලික) සමාගම
මිල – රු 1000
පිටු ගණන – 292
ලොව පුරා පිටපත් මිලියන ගණනක් විකිණූ කර්තෘ ජේම්ස් ක්ලියර් ගේ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනයයි. ජීවිතයට ඵලදායි පුරුදු ගොඩ නඟා ගැනීමේ ලෝක ප්‍රකට විශේෂඥයකු මෙන්ම ගත් කතුවරයෙකු වූ ජේම්ස් ක්ලියර් සිය කෘතිය තුළින් එදිනෙදා ජිවිතයේදි පුරුදු හරහා ජීවිතය සකසා ගන්නා ආකාරය මෙන්ම සමාජානුයෝජනයේදී පුරුදු නිසා ඇතිවන වාසි මෙන්ම ඒ පුරුදු ජිවිත කාලයේදීම නොබීඳී තබා ගන්නා ආකාරය වැනි ජීවිතයට අගනා තොරකුරු රැසක් මේ කෘතිය හරහා කියා දෙයි. හුරු භාෂා රීතියක් යොදා ගෙන තිබීම විශේෂත්වයකි.