Home » ඉදිකිරීම් අංශයේ 50% වර්ධනයක්

ඉදිකිරීම් අංශයේ 50% වර්ධනයක්

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

ඉකුත් ජනවාරි මාසයේදී මෙරට ඉදිකිරීම් අංශයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය දර්ශකාංක 52.9ක් වාර්තා කළ අතර, 2022 ජනවාරි මාසයෙන් පසු මෙම දර්ශකය කඩඉම් මට්ටම අබිබවා ගිය ප්‍රථම අවස්ථාව බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යෑමට හේතු ලෙස 2024 ජනවාරි මාසයේදී නව ඉදිකිරීම් කටයුතුවල ක්‍රමික වර්ධනයක් සිදු වීම මෙන්ම එතෙක් අත්හිටුවා තිබූ ඇතැම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම බව ද හෙළි වී ඇත. ඉකුත් දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසයේදී විදේශ අරමුදල් මඟින් සහ දේශීය පෞද්ගලික අංශයේ අරමුදල් මඟින් සිදු කරන ව්‍යාපෘතිවල ඉහළ යෑමක් ද පෙන්නුම් කර තිබේ. එසේ වුවද එකතු කළ අගය මත සිදු කළ බදු සංශෝධන හේතුවෙන් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගිය බව ද වාර්තා වී ඇත.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division