Home » පාසල් වෑන්-ත්‍රිරෝද රථ ගාස්තු රජයෙන් නියම කෙරේ

පාසල් වෑන්-ත්‍රිරෝද රථ ගාස්තු රජයෙන් නියම කෙරේ

by Mahesh Lakehouse
March 2, 2024 12:45 am 0 comment

පාසල් දූ දරුවන් ප්‍රවාහනය කරන සියලු ප්‍රවාහන සේවා, ත්‍රිරෝද රථ ඇතුළු සියලු ගොඩබිම් මගී ප්‍රවාහන සේවා සඳහා ගාස්තු නියම කිරීම රජය මඟින් සිදු කිරීමට තීරණය කර ඇත. ඊට අදාළ කෙටුම්පත ජාතික ගමනාගමන කොමිසම මඟින් සකස් කර ඇත.

ඒ යටතේ කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සේවාවන්ද (Cab Service) නියාමනය කෙරෙනු ඇත. ඒ අනුව සියලු ගොඩබිම් මඟී ප්‍රවාහන සේවාවන්ට (මහා මාර්ගයේ) ගාස්තු නියම කිරීම වත්මන් මඟී බස් රථ සේවාවන්ට මෙන් ගාස්තු චක්‍රයක් යටතේ සිදු කෙරෙනු ඇත. ඒ අනුව මේ දක්වා බලාත්මක වූ 1991 අංක 37 පනත ජාතික ගමනාගමන කොමිසම් සභා පතන සංශෝධනය කෙරේ.

ඉදිරියේදී බලාත්මක වීමට නියමිත පනතට අනුව සියලු ගොඩබිම් මගි ප්‍රවාහන සේවාවන්ට ගාස්තු නියම කිරීම ඊට අදාළ ප්‍රතිපත්ති සැකසීම, අදාළ ප්‍රවාහන මාධ්‍යයන්ට යා හැකි මාර්ග තීරණය කිරීම, ඇතුළු සියලු කටයුතු ජාතික ගමනාගමන කොමිසම මඟින් සිදු කෙරේ. එහිදී ප්‍රවාහන අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන හා අදාළ ප්‍රවාහන සේවා සපයන වෘත්තීය සංගම් සමඟ ද සාකච්ඡා පවත්වනු ඇත. ජාතික ගමනාගමන කොමිසමේ සංශෝධනයට නියමිත පනතට අනුව පළාත් මට්ටමින් අනුනියාමනයන්ද සිදු කෙරෙනු ඇත.

සිළුමිණ ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ සම්බන්ධ පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවයි. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් එම සාකච්ඡා ඉතා සාර්ථකව ඇති බවයි. මහජන ප්‍රවාහන සේවා පම්බන්ධයෙන් වත්මන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචර්ය බන්දුල ගුණවර්ධන විසින් මේ පනත කඩිනමින් ක්‍රියාත්මක කර මඟී සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත් ඒ අනුව ඉදිරි මාස කිහිපය ඇතුළත මේ නියාමනයන් ක්‍රියාත්මක කර මඟී ප්‍රවාහන සේවා වෙනුවෙන් ගාස්තු අය කිරීම ඇතුළු සියලු සුභසාධන කටයුතු ප්‍රතිපත්ති මාලාවකට අනුව සිදු කෙරෙන බවත් ත්‍රි රෝද රථ සඳහා මීටර් සවි කිරීමද ඒ අනුව සිදු කෙරෙනු ඇතැයිද ඔහු පැවසුවේය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division