ප්‍රශ්න ගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඹෟෂධය මිලදී ගැනීම හා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 11කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසුව පසුගිය 01 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් පෙරේදා (29) ලබාදුන් නියෝගයකට අනුව වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේ එදින පෙරවරු 9ට පමණය. එහිදී ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණේ විමර්ශන වලින් හෙළිවූ මිලදී ගැනීම්වලට අදාළ අලුත් තත්ත්වයන් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.
වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් මෙයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජනවාරි 31 වෙනිදා ද ප්‍රශ්න කර තිබුණි. අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඔහුගේ කාර්යාලයටද මුද්‍රා තබන ලදි.
ගයාන් කුමාර වීරසිංහ