රටේ නීතිය වල් වැදී නීතියක් නැති තත්ත්වයට රට ගමන් කරමින් ඇති බවත් ඒ අනුව රට ගෝත්‍රික සංකල්පයක් කරා තල්ලු වෙමින් පවතින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පෙන්වා දෙයි. ‘‘ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතිය, ඒක ආරක්ෂා කරන්න රටේ ජනාධිපතිවරයා ඇතුළු නීති සම්පාදන ආයතනය ලෙස පාර්ලිමේන්තුව බැඳී සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඉදිරියේ ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ එම මූලික නීතිය ආරක්ෂා කරන බවට. ඔහු සිය කාර්යභාරය ආරම්භ කරන්නේ එතනින්. නමුත් මේ වෙද්දී ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංඝනය කරලා. ඔහුත් රටේ මූලික නීතිය කඩල තියෙන්නේ. ඒ වගේම කථානායකවරයත් මේ රටේ මූලික නීතිය උල්ලංඝනය කරල තියෙන්නේ. ඒ අනුව රටේ ප්‍රධාන පුරවැසියන් දෙන්නෙක්ම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් විසින් දිවුරා පොරොන්දු වෙච්ච මූලික නීතිය කඩල තියෙන්නේ.
රසික කොටුදුරගේ