Kantar Sri Lanka සමීක්ෂණ ආයතනය මගින් සංවිධානය කළ Kantar Lighthouse – 2023, ශ්‍රී ලාංකික වෙළෙඳ ප්‍රජාව දැනුම්වත් කිරීම පසුගියදා පැවැත්විණි. එහි දී ශ්‍රී ලංකාවේ ජෙනරේෂන් Z (Gen Z) ප්‍රජාව එනම් 1997 සිට 2013 අතර උපත ලද පරම්පරාවේ අවශ්‍යතා සහ හැසිරීම් රටා පිළිබඳ නවතම දත්ත එළි දක්වන ලදී. එම තොරතුරු සමස්ත ව්‍යාපාර සහ වෙළෙඳ සන්නාම කෙරෙහි බලපාන ආකාරය පිළිබඳවද මෙහිදී ගැඹුරින් අවධානය යොමු කරන ලදී.
මේ සඳහා ශ්‍රී ලංකාවේ ප්රමුඛ වෙළෙඳ සන්නාම නියෝජනය කරමින් ප්‍රධානීහු විශාල පිරිසක් එක්ව සිටියහ. Kantar Sri Lanka ප්‍රධානී, හිමාලි මදුරසිංහ විසින් පාරිභෝගිකයින්ගේ හද ගැස්ම අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළාය. එමෙන්ම මෑත කාලයේදී පෙර නොවූ සමාජ සහ ආර්ථික විපර්යාසයන් හේතුවෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් මුහුණ දුන් විවිධ කටුක අත්දැකීම් පෙන්වා දුන්නා ය.
“මෙම ව්‍යාපාර සැලසුම් සහ ඒවායේ අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා වීම කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරනවා. ඇතැම් අංශයන් මෑත දී ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළ ද, පෙර තිබූ සාර්ථකත්වය වෙත ළඟා වීමට යම් කාලයක් ගත වේවි…” යනුවෙන් ඇය පැවසුවා ය.