Home » Marina Square – Uptown Colombo ඉදිකිරීම් ජයග්‍රාහී අදියරයකට

Marina Square – Uptown Colombo ඉදිකිරීම් ජයග්‍රාහී අදියරයකට

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක් වන Marina Square – Uptown Colombo ව්‍යාපෘතියේ තවත් ඉතා වැදගත් පියවරක් සම්පූර්ණ කරමින් ව්‍යාපෘතිය යටතේ ඉදිවන කුලුනු පහකින් යුත් සංකීර්ණයේ එම කුලුනු පහ ආකෘතිමය වශයෙන් සම්පූර්ණ කර ඇති බව පසුගියදා නිවේදනය කෙරිණි.

Access Engineering PLC සහ ලෝක ප්‍රකට China Harbour Engineering Company (CHEC) විසින් මෙහෙයවනු ලබන Marina Square ව්‍යාපෘතිය අභියෝග පිරුණු පසුගිය දෙවසරක කාලය මධ්‍යයේ වුවද සිය ඉදිකිරීම් කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාම ව්‍යාපෘතියේ කොටස් හිමියන් සහ සියලු පාර්ශ්වයන් ඒ කෙරෙහි දක්වන අතිමහත් කැපවීම මනාව පෙන්වා දෙන්නකි.

Access Engineering PLC සමාගමේ විධායක උප සභාපති ක්‍රිස්ටෝෆර් ජොෂුවා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“ සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයම කඩා වැටී තිබුණු අවස්ථාවක මේ ජයග්‍රහණය ලබාගැනීමට හැකි වූයේ අප ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ අධිෂ්ඨානය සහ උත්සාහය නිසයි. 2025 වසර වන විට සම්පූර්ණ ව්‍යාපෘතිය ම සාර්ථකව නිමා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division