සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක් වන Marina Square – Uptown Colombo ව්‍යාපෘතියේ තවත් ඉතා වැදගත් පියවරක් සම්පූර්ණ කරමින් ව්‍යාපෘතිය යටතේ ඉදිවන කුලුනු පහකින් යුත් සංකීර්ණයේ එම කුලුනු පහ ආකෘතිමය වශයෙන් සම්පූර්ණ කර ඇති බව පසුගියදා නිවේදනය කෙරිණි.
Access Engineering PLC සහ ලෝක ප්‍රකට China Harbour Engineering Company (CHEC) විසින් මෙහෙයවනු ලබන Marina Square ව්‍යාපෘතිය අභියෝග පිරුණු පසුගිය දෙවසරක කාලය මධ්‍යයේ වුවද සිය ඉදිකිරීම් කටයුතු සාර්ථකව පවත්වා ගෙන යාම ව්‍යාපෘතියේ කොටස් හිමියන් සහ සියලු පාර්ශ්වයන් ඒ කෙරෙහි දක්වන අතිමහත් කැපවීම මනාව පෙන්වා දෙන්නකි.
Access Engineering PLC සමාගමේ විධායක උප සභාපති ක්‍රිස්ටෝෆර් ජොෂුවා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“ සමස්ත ඉදිකිරීම් ක්ෂේත්රයම කඩා වැටී තිබුණු අවස්ථාවක මේ ජයග්‍රහණය ලබාගැනීමට හැකි වූයේ අප ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ අධිෂ්ඨානය සහ උත්සාහය නිසයි. 2025 වසර වන විට සම්පූර්ණ ව්‍යාපෘතිය ම සාර්ථකව නිමා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා…”