Home » Cargills සහ MAS Foundation for Change ප්ලාස්ටික් දූෂණය මර්දනයට

Cargills සහ MAS Foundation for Change ප්ලාස්ටික් දූෂණය මර්දනයට

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

සීමාසහිත Cargills Food and Beverage පුද්ගලික සමාගම, KIST සහ KNUCKLES යන සන්නාම සමඟින්, The MAS Foundation for Change සමඟ එක්ව සාගර පෙරන යන්ත්‍රයක් ස්ථාපනය කරමින් සාගර ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටලුව විසඳීම සඳහා සැලකිය යුතු ඉදිරි පියවරක් ගෙන ඇත. සාගර පුනර්ජීවනය’ ව්‍යාපෘතියේ කොටසක් ලෙස, ජල මූලාශ්‍රවල ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා දායක වීම අරමුණු කරගත් මෙම වැඩසටහනේ ප්‍රධාන සහයෝගිතාකරුවකු වන්නේ කොළඹ ඉන්ටරැක්ට් [Interact Club of Colombo] සමාජයයි.

සාගර පෙරන යන්ත්‍රය ස්ථාපනය කිරීමේ මූලික පරමාර්ථය වන්නේ ජල මාර්ගවලින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය හසුකර ගැනීම, එකතු කිරීම සහ ඉවත් කිරීම, ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සහ එකතු කරන ලද ද්‍රව්‍ය වගකීමෙන් ප්‍රතිචක්‍රීකරණය කිරීම ප්‍රවර්ධනය කිරීමයි.

සීමාසහිත Cargills Food and Beverage හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන කුමාරසිංහ:

“අපද්‍රව්‍ය ප්ලාස්ටික් සාගරයට ඇතුළු වීමට පෙර නවත්වන බැවින් සාගර ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටලු‍ව විසඳීමට මෙය හොඳ විසඳුමකි. මෙම ආරම්භක අදියරෙන් ඔබ්බට පුළුල් කිරීම සඳහා තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමු…” යනුවෙන් පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division