Home » RDB බැංකුව ඉතුරුම් පුරුදු පුහුණු කරයි

RDB බැංකුව ඉතුරුම් පුරුදු පුහුණු කරයි

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

RDB බැංකුව දශක හතරකට ආසන්න කාලයක් පුරා ක්‍රියාත්මක කරන පාසල් ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ, 2024 නව වසරේ පාසල් වෙත ඇතුළත් වන නවක දූ දරුවන් සඳහා ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.

එහි තවත් වැඩසටහනක් පසුගිය දා මාතර හිත්තැටිය ධර්මරාජ විදුහලේ දී පැවැත්විණි. එම උත්සවය සඳහා දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා, මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඕමිනි මුදලිගේ, විදුහල්පති වී.ජි. තිලක් නයන වසන්ත ඇතුළු ආචාර්ය මණ්ඩලය සහභාගී විය. RDB බැංකුවේ දකුණු පළාත් ප්‍රාදේශීය සාමාන්‍ය අධිකාරී එම්.ඒ. ඥානරත්නගේ උපදෙස් මත එදින විදුහලේ දූ දරුවන් සඳහා විශේෂ ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division