මේ ලිපි පෙළින් ඔබව දැනුවත් කරන්නේ අංක විද්‍යානුකූලව ඔබගේ නිපුණතා අංකයට අනුව හොඳ සබඳතාවක් සඳහා වඩාත් ගැළපෙන සහකරුවා, සහකාරිය හෝ හවුල්කරුවා සම්බන්ධව හඳුනාගන්නා ආකාරය පිළිබඳවය.
ඔබේ සහ ඔබ ගැළපීම බලන අයගේ නිපුණතා අංකය සොයාගන්නා ආකාරය නොදන්නා අයගේ දැනගැනීම සඳහා සැකෙවින් දක්වමි. මේ සඳහා ඔබගේ උපන් අවුරුද්ද, මාසය සහ දිනයට අදාළ සියලු අංක තනි අංකයක් වන ලෙස එකට එකතු කළ යුතුය. උදාහරණ ලෙස 1992-11-23 දින උපන් අයෙකුගේ නිපුණතා අංකය සොයමු. 1+9+9+2+1+1+2+3 = 28, 2+8 = 10, 1+0 = 1. මේ අනුව උදාහරණයෙන් පෙන්වන අයගේ නිපුණතා අංකය 1 වෙයි.
මේ ආකාරයට ඔබගේ සහ ඔබ ගැළපීම බලන අයගේද නිපුණතා අංක සකස් කරගන්න. ඔබගේ අංකයට එම අංක කෙතරම් දුරට ගැළපෙනවාද යන්න හඳුනා ගැනීමට පුළුවනි.
ඒ අනුව මෙවර ඒ ඒ අංකවලට නිපුණතා අංක 5 අයගේ ගැළපීම කෙසේද යන්න බලමු.
•නිපුණතා අංක 5ට නිපුණතා අංක 6 අයගේ ගැළපීම
නිපුණතා අංක 5 ට නිපුණතා අංක 6 කෙනෙක් සමඟ ගොඩනැගෙන්නේ සාමාන්‍ය සම්බන්ධතාවකි. මුල් කාල සීමාව තුළ තරමක් දෙදෙනා අතර යම් යම් මතභේද ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතී.
නමුත් කල්ගත වන විට මේ තත්ත්වය වෙනස් වී දෙදෙනා අතර යම් අවබෝධයක් තේරුම් ගැනීමේ හැකියාවක් වර්ධනය වෙන අතර සබඳතාව යහපත් අතට පරිවර්තනය කරගැනීමේ හැකියාව ඇති කරයි. අංක 5 හිමියා තරමක් කාර්යබහුල ජීවිතයක් ගෙවන අතර ඔහුට තිබෙන කාලය ඉතා සීමිත වෙයි. එමෙන්ම ඉවසීමේ සීමාව ද ඉතා ඉක්මනින් අවසන් වෙයි. නමුත් අංක හයෙන් උපන් ස්ත්‍රියකට ඇයගේ ගති ස්වභාවය අනුව මේ තත්ත්වයට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරයි.
ඒ ඇය සතුව ඇති තැනට සුදුසු තීරණ ගැනීමේ හැකියාවත් බුද්ධිමත්ව ක්‍රියා කිරීමේ ගුණයත් නිසාය.
අංක 6 හිමි ස්ත්‍රිය කිසිම වෙලාවක අංක 5 ස්වාමියා සමඟ ගැටුම් ඇති කරගන්නට යන්නේ නැත. ඔහු ගැන ඇය හොඳින් දන්නා නිසා තමන් ස්වයං පාලනයක් ඇතිකර ගත යුතු යැයි ඇය සිතයි. අංක පහ හිමි පිරිමියෙක් වුවත් ස්ත්‍රියක වුවත් ලිංගිකත්වය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දැක්වීම ස්වභාවය වෙයි.
මෙම සබඳතාවයේ දී බොහෝ විට අංක 6 හිමි පුද්ගලයාට සමහර දේවල් දුකින් වේදනාවෙන් වුවත් අකමැත්තෙන් වුවත් දරාගෙන සිටීමට සිදු වනු ඇත. මෙම අංක දෙක මාරු වී යෙදුණත් එනම් ස්ත්‍රිය අංක 5 වී පිරිමියා අංක 6 ලෙස යෙදුණද මේ කාරණයන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි. ඔබට මෙවැනි සබඳතාවක් තිබේ නම් මෙම තත්ත්වයන් හොඳින් තේරුම්ගෙන කටයුතු කිරීම තුළ සාර්ථකව සබඳතාව ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාව ඇතිකරයි.
•නිපුණතා අංක 5 ට නිපුණතා අංක 7 අයගේ ගැළපීම
මෙවැනි අංක දෙකක් සමඟ බැඳෙන සබඳතාවයද සාමාන්‍ය සම්බන්ධතාවයක් ලෙස සඳහන් කළ හැකිය. මේ දෙදෙනාගේ බොහෝවිට එකිනෙකාට ප්‍රතිවිරුද්ධ මත සහ අදහස් දක්නට ලැබෙයි.
අංක 5 හිමියා ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගෙවන බොහොම ඉක්මනින් වෙනස් වන ගතිවලින් යුක්ත තේජවන්ත ඉදිරියට යන ගතිවලින් යුතු පුද්ගලයෙක් වන අතර අංක 7 කෙනා කලබල නැති බොහොම සාමකාමී බව අගය කරන නිහඬ ඇගැයීමට ලක්වීමට කැමති ගෞරවය බලාපොරොත්තු වෙන සන්සුන් මනසක් ඇති පුද්ගලයෙක් වෙයි.
මේ අනුව එකිනෙකා අතර ප්‍රතිවිරුද්ධ අදහස් සහ මත ඇති බව පෙනේ. සාර්ථක ජීවිතයක් ගෙවීමට නම් මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන දෙදෙනා විසින්ම දෙදෙනාම වෙනුවෙන් කැපකිරීම් කිරීම අතිශයින් වැදගත් වෙයි. මොවුන් අතර බොහෝ විට සබඳතාවයක් මුලින්ම ගොඩනැෙඟන්නේ දෙදෙනාගේ බාහිර හැසිරීම් සහ හැඩ හුරුකම් හේතු කොටගෙන වෙයි. දෙදෙනාටම එකවර සතුටු වීමට තිබෙන අවස්ථාවට වඩා එක්කෙනෙක්ගේ සතුට වෙනුවෙන් තව කෙනෙක්ට කැපකිරීම් කිරීමට සිදුවීමක් මෙහිදී දක්නට ලැබෙයි. අංක හත පුද්ගලයාට ඇති බලාපොරොත්තු සහ ආශාවන් බොහෝවිට අංක පහ පුද්ගලයාට නැතිවෙයි.
අංක පහ පුද්ගලයා තරමක් උද්වේගකාරී කලබලකාරී පුද්ගලයෙක් වන අතර අංක හත පුද්ගලයා සාමකාමී හුදකලා ස්වභාවය අගය කරයි.
එමෙන්ම අංක පහ පුද්ගලයා තරමක් කාම ශක්ත ගති වැඩි පුද්ගලයෙක් වන අතර අංක හත පුද්ගලයාට එය එසේ නොවේ. කෙසේ වෙතත් දෙදෙනාම විනෝදයටත් සංචාරයටත් ඉතා කැමති දෙදෙනෙක් වෙයි. මෙම තත්ත්වයන් හොඳින් තේරුම් ගැනීමේ තරම මත සබඳතාවය ඉදිරියට ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ හැකියාව ඇතිකරයි.
•නිපුණතා අංක 5 ට නිපුණතා අංක 8 අයගේ ගැළපීම
මෙවැනි දෙදෙනෙකුගේ එකතුවීම යහපත් සබඳතාවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
අංක පහ පුද්ගලයා තුළ තිබෙන්නා වූ ඉදිරිපත් වීමේ හැකියාව ශක්තිමත්ව ඕනම දේකට නොබියව මුහුණ දීමේ කැමැත්ත ප්‍රායෝගික දක්ෂතාව ආදි ගුණාංගයන් සමඟ අංක අට හිමියා තුළ පවතින්නා වූ දියුණුවීමේ ඇති කැමැත්ත නව වෙනසක් පිළිබඳ අපේක්ෂාව කායික මානසික ඔරොත්තු දීමේ හැකියාව ආදී ගුණාංගයන් හොඳින් සංකලනය වීම මත ශක්තිමත්ව සබඳතාව ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරයි.
මෙහිදී පිරිමියා අංක අට වී ස්ත්‍රිය අංක 5 වීමද එතරම් ගැටලුවක් ඇති නොකරයි. අංක 5 ස්ත්‍රියගේ සහයෝගය අංක අට හිමියාට හොඳින් ලැබෙන අතර අංක අට පිරිමියා තුළින් ආරක්ෂාවත් රැකවරණයත් ලබා දෙයි.
දෙදෙනා අතර යම් යම් මතභේද සුළු වාද භේද තත්ත්වයන් ඇති වුවද ඒවා එතරම් දුරදිග නොයවා විසඳා ගැනීමට මොවුන්ට හැකියාව පවතී. ඔබ දැනට මෙවැනි අංක හිමියන් සමඟ සම්බන්ධතාවක් ගොඩනඟාගෙන තිබේ නම් මේ කාරණා පිළිබඳ හොඳින් අවබෝධ කරගෙන කටයුතු කිරීම තුළ වෙන්නට තිබෙන ගැටලු අවම කරගෙන සාමකාමීව සබඳතාව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාව ඇතිකර ගත හැකිය.
•නිපුණතා අංක 5 ට නිපුණතා අංක 9 අයගේ ගැළපීම
මෙම සබඳතාවත් යහපත් හොඳ සබඳතාවක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. අංක පහ පිරිමියා තුළ තිබෙන ඉදිරිපත් වීම සහ සමාව දීමත් තීක්ෂණ නුවණකින් කටයුතු කිරීමත් ආදී ගුණාංගයන් සමඟ අංක නමය ස්ත්‍රිය තුළ තිබෙන නම්‍යශීලීභාවය සහ ප්‍රියමනාප භාවයත් බුද්ධිමත්ව තේරුම් ගැනීමේ හැකියාවත් ආදී ගුණාංගයන් එකතු වූ කල යහපත් ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟෙයි. මෙම අංක මාරු වී යෙදුණද එනම් පිරිමියා අංක 9 වී ස්ත්‍රිය අංක පහ වුවද එතරම් ගැටලුවක් නැත.
නමුත් අංක පහ ස්ත්‍රිය බොහෝවිට තම ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ ගන්නා ස්වභාවයක් ඇති කරයි. එවැනි අවස්ථාවක අංක නවය පුරුෂයා අවබෝධයෙන් කටයුතු කිරීම තුළ ගැටලු අවම කර ගැනීමට හැකියාව ලැබේ. අංක පහ පිරිමියා බොහෝවිට ආත්මීය ගති ලක්ෂණ ඇති කරන අතර අංක නවය අධ්‍යාත්මික ගති ස්වභාවයන්ගෙන් යුක්ත කරයි. මෙවැනි ප්‍රතිවිරුද්ධ නොගැළපීම් මත යම් ආකාරයක සමගියට බාධා ඇතිවීම සිද්ධ විය හැකිය.
ඔබ මෙවැනි සබඳතාවක් තිබෙන කෙනෙක් නම් මේ තත්ත්වයන් හොඳින් අවබෝධ කරගෙන කටයුතු කිරීමෙන් සබඳතාව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. නිපුණතා අංක 6 හි ගැළපීම් පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක