Home » මෙරට ප්‍රථම වතාවට විදුලි ත්‍රිරෝද රථ මුළුමනින්ම නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක්

මෙරට ප්‍රථම වතාවට විදුලි ත්‍රිරෝද රථ මුළුමනින්ම නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක්

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment
විදුලි ත්‍රිරෝද රථයක් නිෂ්පාදය කිරීම ගැන ඇමැතිවරයා අවධානය යොමු කළ අවස්ථාව

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිපදවන අංගසම්පූර්ණ කර්මාන්ත ශාලාවක්‌ මරදාන දුම්රිය දෙපාර්තමේන්තු බඩු ගබඩා පරිශ්‍රයේ දී විවෘත කෙරිණි.

වේගා ඉංජිනේරු සමාගම විසින් මරදාන දුම්රිය බඩු ගබඩා සංකීර්ණ භූමියේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද විදුලි ත්‍රීරෝද රථ නිෂ්පාදනය කිරීමේ සහ ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමේ කර්මාන්තශාලා සංකීර්ණය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.

සම්පූර්ණයෙන්ම මෙරටදී නිෂ්පාදනය කෙරෙන වේගා සමාගමේ ELEKTRATEQ ත්‍රිරෝද රථයේ සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය මෙම කර්මාන්තශාලා පරිශ්‍රයේදී සිදු කෙරේ.

අතිනවීන තාක්ෂණය යටතේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන තහඩු කැපීම, නැවීම සඳහා යොදා ගැනෙන යන්ත්‍ර, බැටරි නිෂ්පාදන යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපාංග රාශියකින් මෙම කර්මාන්තශාලාව සමන්විත වේ.

මීට අමතරව දැනට පෙට්‍රල් භාවිතයෙන් ධාවනය වන ත්‍රිරෝද රථයක් පැය දෙකක කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම විදුලියට පරිවර්තනය කර දීමට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් මෙම කර්මාන්තශාලාව සතුවේ.

මේ වන විටත් පෞද්ගලික මූල්‍ය ආයතනයක් සමඟ ඒකාබද්ධව මසක් තුළ ත්‍රිරෝද රථ සියයක් විදුලියට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම කර්මාන්තශාලාව තුළ ක්‍රියාත්මක වේ.

ඉදිරියේදී මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ආශ්‍රිතව මගී ප්‍රවාහන සේවාවන්හි නිරත ලියාපදිංචි ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙසද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමත් සමඟ මෙම කර්මාන්තශාලා පරිශ්‍රය තුළදීම විදුලියට පරිවර්තනය කරන ලද ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම ඇතුළු අනෙකුත් නීතිමය කටයුතු සිදු කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු එම ස්ථානයට සේවයේ යෙදවීම සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරාම විදුලි ත්‍රීරෝද රථ හඳුනා ගැනීම සඳහා අංක තහඩුවට විශේෂ වර්ණයක් සහ සෑම විදුලි ත්‍රීරෝද රථයක් සඳහාම පරිසර හිතකාමී බව හැඟවෙන ආකාරයේ එකම වර්ණයකින් වර්ණ ගැන්වීමේ වැඩපිළිවෙළක් සඳහාද පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, වේගා ඉංජිනේරු සමාගමේ සභාපති ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා, දුම්රිය සාමාන්‍යධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහතා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා, ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ත්‍රිරෝද රථ නිෂ්පාදන සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ අවස්ථාව

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ත්‍රිරෝද රථ නිෂ්පාදන සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ අවස්ථාව

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division