ඊශ්‍රායලයේ රැකියා අවස්ථා 40,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වසරේ ලබා දීමට විදේශ රැකියා හා කම්කරු අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත. මැද පෙරදිග නොවන රටකින් වෘත්තීමය පිළිගැනීමක් ලෙස මෙලෙස රැකියා විශාල ප්‍රමාණයක් මෙරටට හිමිවන ප්‍රථම අවස්ථාව මෙය වේ. මේ රැකියා අතර ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා 20,000ක් කෘෂි ක්ෂේත්රයේ රැකියා 10,000ක් ද ඇතුළත්ය.
මීට අමතරව දැනට ලැබී ඇති සාත්තු සේවක සේවිකා තනතුරු වැඩි කර ගැනීමත් ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්රයට අදාළව යන්ත්‍රෝපකරණ හා බරවාහන ආදී රැකීරක්ෂා ක්ෂේත්‍රයන්හිද තවත් රැකියා විශාල ප්‍රමාණයක් ලබා ගැනීම පිණිස අමාත්‍යාංශය විසින් කටයුතු කර ඇත.ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩිනමින් එම රැකියා අවස්ථා උදා කර ගැනීම පිණිස විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර ඉදිරි සතියේදී ඊශ්‍රායලය බලා පිටත්වීමට නියමිතය.
ඉදිකිරීම් හා කෘෂි ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය වන්නේ ක්ෂේත්රයේ පළ පුරුද්ද හා ප්‍රවීණතාව පමණක් බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
සියලු පහසුකම් හිමිවන මේ රැකියාවන්හි අවම වැටුප ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 7ද ඉක්මවනු ඇත. කෘෂි ක්ෂේත්රයේ රැකියා සඳහා මේ වන විටත් කණ්ඩායම් පිටත්ව යමින් සිටින අතර ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා අවශ්‍ය මූලික කටයුතු අවසන් කර ඇති අතර ඊශ්‍රායලයේ පරීක්ෂකවරුන් පැමිණ මෙරට ශ්‍රමිකයන්ගේ සුදුසුකම් පරීක්ෂා කර ඇත. ඉදිකිරීම් හා කෘෂි රැකියා 30්,000න් පමණක් වසරකදී තුළදී අවම වශයෙන් විදේශ විනිමය ලෙස රුපියල් කෝටි 25,000ක (බිලියන 250ක) ආදායමක් මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තාරක වික්‍රමසේකර