Home » කොටස් වෙළෙඳ පොළත් ඉහළ නඟී

කොටස් වෙළෙඳ පොළත් ඉහළ නඟී

by Mahesh Lakehouse
March 9, 2024 12:38 am 0 comment

කොළඹ කොටස් වෙළෙඳ පොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් පසුගිය සතිය අවසානයේ වාර්තා විය. ඒ අනුව පසුගිය 7 වෙනිදා කොළඹ කොටස් වෙළෙඳ පොළ නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 164.18කින් ඉහළ ගොස් ඒකක 11,045.90 ක් ලෙසින් වාර්තා විය. එමෙන්ම S&P SL 20 දර්ශකය ඒකක 47.15කින් ඉහළ ගොස් ඒකක 3,147.45ක් ලෙසින්

සටහන් විය. මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා යන ලද්දේ මාස 5කට පසුව වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් 05 දින එසේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා ගියේය. එදින බැංකු හා මූල්‍ය සමාගම් දෙකක කොටස් කෝටිය ඉක්මවා අලෙවි වී තිබූ අතර ලක්ෂ 50කට වැඩියෙන් ද මූල්‍ය හා බැංකු කොටස් අලෙවි වූ ආයතන කිහිපයක්ද විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division