739
දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයට කැඳවා යුක්තිය මෙහෙයුම දැනටත වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිළුමිණට පැවැසීය.
ඒ අනුව දිවයිනේ පොලිස් කොට්ඨාස 45ම ආවරණය වන පරිදි පොලිස් ප්‍රධානීන් කැඳවා විශේෂ උපදෙස් ලබා දෙමින් මේ වන විට හඳුනාගෙන සිටින පාතාල ක්‍රියාකාරීන්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ඇතුළු සියලුම අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පුළුල් වැඩපිළිවෙළක් දියත් කිරීමට බලාපොරොත්තුවේ.
අමිල මලවිසූරිය