1.5K
සියපත ෆිනෑන්ස් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් පියවරක් වශයෙන් බදුල්ල ශ්‍රී ධම්මානන්ද විද්‍යාලයෙහි අභ්‍යන්තර මාර්ගය පිළිසකර කිරීම සඳහා මූල්‍යමය ප්රදානය පසුගියදා එම විද්‍යාලයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට එම විද්‍යාලයේ විදුහල්පතිනී වී.ඒ.සී. නන්දනී, නියෝජ්‍ය විදුහල්පති ඒ.එම්.නන්දසේන, සියපත ෆිනෑන්ස් බදුල්ල ශාඛාවේ කළමනාකරු දිනූෂ රාජමන්ත්රී, ජ්‍යේෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු මංජුල ජයතිලක, ප්‍රාදේශීය කළමනාකරු රෙන්ගන් බාලක්‍රිෂ්ණන්, එම ශාඛාවේ රන් ණය අංශය භාර නිලධාරී කෞෂික ගුණසේකර යන අය සහභාගී විය.