“කොළඹ ජාත්‍යන්තර පාවහන් සල්පිල” තෙවන අදියර මෙවර ඓතිහාසික ඇතුගල්පුර කේන්ද්‍රකර ගනිමින් පසුගියදා ආරම්භ විය.
සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ K+ by Helanka හී කළමනාකාර අධ්‍යක්ෂක කපිල ද සිල්වා ප්‍රකාශ කර සිටියේ K+ by Helanka ආයතනය මෙවැනි අති දැවැන්ත කටයුත්තක් සාර්ථකව සංවිධානය කිරීම ඉමහත් සතුටට කාරණයක් බවය.
1988 වර්ෂයේදී ඇහැලියගොඩ ප්‍රදේශයේ සුළු පරිමාණ පාවහන් අලෙවි සැලක් ලෙස ආරම්භ වූ මෙම ආයතනය අද වන විට මෙරට ආර්ථිකයටම සවියක් වීමට ලැබීම ගැන තම ආයතනය නිහතමානීව සතුටුවන බව ඔහු තවදුරටත් පැවසීය. මෙය මාර්තු මස 8 වන දින සිට 31 දක්වා කුරුණෑගල ප්රදර්ශනාගාර පරිශ්‍රයේදී පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පාරිභෝගිකයන්ට විවෘත ය.