Home » RDB බැංකුව ‘ලියසවිය’ සමඟින් කාන්තා දිනය සමරයි

RDB බැංකුව ‘ලියසවිය’ සමඟින් කාන්තා දිනය සමරයි

by sachintha
March 16, 2024 12:04 am 0 comment

RDB බැංකුවේ මධ්‍යම පළාත 2024 ජත්‍යන්තර කාන්තා දිනය සමරමින් 2024.03.07 දින මහනුවර සහස් උයන පරිශ්‍රයේදී දිරිය ව්‍යවසායිකාවන් උදෙසා විශේෂ සැමරුම් වැඩසටහන් මාලාවක් පැවැත්විණි.

“RDB ගමට Digital” වැඩසටහනට අනුව ව්‍යවසායිකාවන් විද්‍යුත් ගෙවීම් පියවීම් මාධ්‍යයන් වෙත අනුගත කිරීමේ කාර්යයට සම්බන්ධ කරමින් QR පහසුකම්, RDB Debit/Visa card පහසුකම් හඳුන්වා දීම සහ ප්‍රදානය ද උත්සවයට සමගාමීව සිදු කෙරිණි.

මධ්‍යම පළාත් දිරිය ව්‍යවසායිකාවන් සඳහා මූල්‍ය පහසුකම් ප්‍රදානය මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන හඳුන්වාදීම ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශිකයේ සම්පත් දායකත්වයෙන් ”ව්‍යවසායකයින් සඳහා මූල්‍ය සාක්ෂරතාවය”විශේෂ වැඩසටහනද මෙයට සමගාමීව සිදු කෙරිණි.

මධ්‍යම පළාත් ප්‍රාදේශිය සාමාන්‍යාධිකාරී චන්දන ධර්මප්‍රිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශිය කළමනාකාරිනී යසිනි රාජපක්ෂ, ශ්‍රී ලංකා පොලීසිය, කුඩා කර්මාන්ත අංශය, කාන්තා කාර්යංශය, වෘත්තීය පුහුණු අධිකාරිය හා කාර්මීක සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙම උත්සවය සඳහා සහභාගී විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division