Home » HUTCH අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ග්‍රාමීය පාසල්වලට විද්ත් පාපැදි පිරිනමයි

HUTCH අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ග්‍රාමීය පාසල්වලට විද්ත් පාපැදි පිරිනමයි

by sachintha
March 16, 2024 12:08 am 0 comment

HUTCH Sri Lanka, අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක් වී මෙරට ග්‍රාමීය පාසල්වලට විද්‍යුත් පාපැදි 130 ක් පරිත්‍යාග කළේ ය. ‘තිරසාර ගමනාගමනය හරහා අධ්‍යාපනය නඟාසිටුවීම’ (Uplifting Education through Sustainable Mobility) යන තේමාව යටතේ ක්‍රියාවට නැංවූ මෙම වැඩසටහනට, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ධර්ම ශ්‍රී කුමාරතුංග සහ අධ්‍යක්ෂ ජනරාල් මධුශංඛ දිසානායක යන මහත්වරුද සහභාගී විය. මෙම උත්සවය සඳහාම දිවයිනට පැමිණි Hutchison Asia Telecommunications හි අධ්‍යක්ෂිකා ඈන් චෙන් මහත්මිය සහ HUTCH Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී සුමිත්‍ර ගුප්තා මහතා මෙම අවස්ථාවට එක්ව සිටියහ.

“මේ වෙනුවෙන් HUTCH සමාගමට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර, ඉදිරියේදී තිරසර විසඳුම් ඔස්සේ ජාතික අධ්‍යාපන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා තවදුරටත් එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා…” යයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division