Home » Pure Gold by Tiesh සමඟ ස්ටෙෆනි අත්වැල් බැඳ ගනී

Pure Gold by Tiesh සමඟ ස්ටෙෆනි අත්වැල් බැඳ ගනී

by sachintha
March 16, 2024 1:10 am 0 comment

කීර්තිමත් ස්වර්ණාභරණ සන්නාමයක් වන Pure Gold by Tiesh ස්වර්ණාභරණ සමාගම සිය සන්නාම තානාපතිනිය ලෙස, කීර්තිමත් කලා ශිල්පිනියක වන ස්ටෙෆනි සිරිවර්ධන පත් කෙරේ.

කැරට් 18 සහ කැරට් 22 රන් ආභරණ සඳහා කිර්තීමත් නාමයක් දිනා සිටින Pure Gold by Tiesh සිය විශිෂ්ට නිර්මාණාත්මක කෞශල්‍යය සහ මෝස්තර සඳහා සුවිශේෂි බවක් දක්වයි. මෙම සන්නාමය විසින් ඉතා අලංකාරවත් මෙන්ම පෞද්ගලිකත්වය විදහා දක්වන සිත් ඇදගන්නා සුළු කරාබු, මාල, වළලු සහ මුදු නිර්මාණ රැසක් ප්‍රදර්ශනය කරන අතර මෙම නිෂ්පාදන රෝස රත්තරන්, සුදු රත්තරන් සහ කහ රත්තරන් යන වර්ණ ත්‍රිත්වයෙන්ම ලබාගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇත.

ජන හද දිනාගත් ස්ටෙෆනි සිරිවර්ධන, සන්නාම තානාපතිනිය ලෙස තමන් පත්කිරීම පිළිබඳ සතුට පළ කරමින් මෙසේ ප්‍රකාශ කළාය.

“Pure Gold by Tiesh හි සන්නාම තානාපතිනිය ලෙස පත් වීමට ලැබීම පිළිබඳ මම බෙහෙවින්ම සතුටට හා ගෞරවයට පත් වනවා. ටීයේෂ් සෑම ස්වර්ණාභරණයක් ම පරිපූර්ණ කිරීමට ටීයේෂ් දක්වන උත්සාහය සහ කැපවීම මම බෙහෙවින් අගය කරනවා…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division