Home » HNB General Insurance සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවය

HNB General Insurance සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවය

by sachintha
March 16, 2024 12:10 am 0 comment

HNB General Insurance සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවයකට එළැඹෙමින් සිය ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා වාසි රැසක් හඳුන්වා දුන්නේ ය. ඒ අනුව HNB General Insurance වෙතින් මෝටර් සහ මෝටර් නොවන රක්ෂණාවරණ ලබා ගන්නා සම්පත් කාඩ්පත් හිමියන් හට සිය කාඩ්පත් හරහා පොලී රහිතව මාස 12 කින් සිය රක්ෂණාවරණ ගෙවීමට හැකි වනු ඇත.

“ අති විශාල කාඩ්පත් හිමියන් සමූහයක් හිමි සම්පත් බැංකුව සමඟ සන්ධානගත වීම හරහා ශ්‍රී ලංකාව පුරා විසිරුණු විශාල පාරිභෝගිකයින් පිරිසකට අපේ රක්ෂණාවරණ පහසුව සහ ආරක්ෂාව ලබාදීමට අපට හැකියාව ලැබෙනවා.

මේ පහසු ගෙවීමේ ක්‍රමය තුළ පොලී ගෙවීම් වැනි අතිරේක වැය වීම් නොමැති නිසා විශාල පිරිසකට දෙවරක් නොසිතාම රක්ෂණාවරණයකට යොමු වීමට හැකියාව දැන් ලැබී තිබෙනවා…” සමාගමේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී/සාමාන්‍යාධිකාරී සම්පත් වික්‍රමාරච්චි පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division