HNB General Insurance සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවයකට එළැඹෙමින් සිය ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා වාසි රැසක් හඳුන්වා දුන්නේ ය. ඒ අනුව HNB General Insurance වෙතින් මෝටර් සහ මෝටර් නොවන රක්ෂණාවරණ ලබා ගන්නා සම්පත් කාඩ්පත් හිමියන් හට සිය කාඩ්පත් හරහා පොලී රහිතව මාස 12 කින් සිය රක්ෂණාවරණ ගෙවීමට හැකි වනු ඇත.
“ අති විශාල කාඩ්පත් හිමියන් සමූහයක් හිමි සම්පත් බැංකුව සමඟ සන්ධානගත වීම හරහා ශ්‍රී ලංකාව පුරා විසිරුණු විශාල පාරිභෝගිකයින් පිරිසකට අපේ රක්ෂණාවරණ පහසුව සහ ආරක්ෂාව ලබාදීමට අපට හැකියාව ලැබෙනවා.
මේ පහසු ගෙවීමේ ක්‍රමය තුළ පොලී ගෙවීම් වැනි අතිරේක වැය වීම් නොමැති නිසා විශාල පිරිසකට දෙවරක් නොසිතාම රක්ෂණාවරණයකට යොමු වීමට හැකියාව දැන් ලැබී තිබෙනවා…” සමාගමේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී/සාමාන්‍යාධිකාරී සම්පත් වික්‍රමාරච්චි පැවසීය.