884
සුරේන් කුක් ඒජන්සීස්, ලොව ප්රමුඛතම රසායනික නිෂ්පාදන සමාගමක් වන සුමිටෝමෝ කෙමිකල් සමඟ සුවිශේෂ හවුල්කාරීත්වයක් සනිටුහන් කරමින් වේයන් මර්දනයේ නවතම නිෂ්පාදනයක් වන වසාරි 10 එෆ් එල් (Wazary 10 FL) පසුගියදා මෙරට වෙළෙඳ පොළට හඳුන්වා දෙන ලදී. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුරේන් කුක් ඒජන්සීස් කළමනාකාර අධ්යක්ෂ සුරේන් කුක්, “මෙම අද්විතීය නිෂ්පාදනය ශ්රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වාදීමට සුමිටෝමෝ කෙමිකල් සමඟ එක්වීමට ලැබීම සතුටක්. ආරක්ෂිත හා පරිසර හිතකාමී වේයන් මර්දන විසඳුමක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් වන අපගේ කැපවීම මනාව ප්රදර්ශනය වනවා…”යැයි පැවසීය.