Home » මහා සංකල්ප ජීවම ආරක්ෂක බුද්ධ මන්ත්‍රය
දේවාකර්ෂණය නොඅඩුව ලැබෙන

මහා සංකල්ප ජීවම ආරක්ෂක බුද්ධ මන්ත්‍රය

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

– තැඹිලි හෝ පොල්තෙල්වලට 108 වරක් ජීවම්කර බල පිහිටුවා ගන්න
– ජීවම් කරගත් තෙල්වලින් උදේ සවස බුදු පහන දැල්වීම සෞභාග්‍ය උදා කරයි
– නි‌ෙවසේ සතර කොනේ පහන් දැල්වීමෙන් කරදර දුරුවේ

සිළුමිණ ඉසිවර පාඨක පින්වත් ඔබ වෙත මම අද දින ලබා දෙනු ලබන මෙම උතුම් ආරක්ෂක බුද්ධ මන්ත්‍රය “මහා සංකල්ප” ජීවම යනුවෙන් පැරණි යතිවරුන් විසින් ඉතා ගෞරවයෙන් භාවිතා කර ඇත. ලොව්තුරා බුදුබව පිණිස පිරූ දස පාරමිතාවන් ඇතුළත්ව ඇති මෙම “මහා සංකල්ප” ජීවම මහානුභාව සම්පන්න දෙවිවරුන්ගේ දේව ආකර්ෂණය ලැබීම සඳහා ඉතා බලගතු ජීවමකි.

පිරිසුදුව තමන් විසින්ම සිඳගනු ලබන තැඹිලි තෙල් හෝ පොල්තෙල්වලට 108 වරක් ජීවම් බල පිහිටුවාගෙන උදේ සවස බුදු පහන තබන ස්ථානයේ පහනක් දැල්වීම මහා දේව ආකරෂණය ලැබීමට හේතුවන අතර, ගෙවල්වල සහ භූමියේ ඇති මල යක්ෂ දෝෂ දුරු වී අපමණ සෞභාග්‍යයක් සැලසේ.

නි‌ෙවසේ හතරකොන පහන් දැල්වීම තුළින් බොහෝ කරදර ඇති බහිරව දෝෂ දුරුවේ.

මුල්ගල තබන අවස්ථාවක එම මුල්ගල මෙයින් 108 වතාවක් ජීවම් කර තැබීම අවුරුදු පන්සීයක් ආරක්ෂාවක් වන අතර, නිදන් වස්තු භාජනයත් හැකි වාර ගණනක් ජීවම් කර නි‌ෙවසේ මැද වහලයේ එල්ලා තැබීම නි‌ෙවසේ ආරක්ෂාවට බලවත්ම ගුරුකමකි. නිතර භාවිතයෙන් අපමණ සෙත සලසයි.

මහා සංකල්ප ජීවම බුද්ධ මන්ත්‍රය

ඉමං ත්වං පඨ­මං­තාව දළහං කත්වා සමා­ධිය
දාන පාර­මිතං ගච්ඡ යදි බොධිං පත්තු මිච්ඡසි
ඉමං ත්වං දුති­යං­තාව දහං කත්වා සමා­ධිය
සීලං පාර­මිතං ගච්ඡ යදි බොධිං පත්තු මිච්ඡසි
ඉමං ත්වං තති­යං­තාව දළහං කත්වා සමා­ධිය
නෙක්ඛම්ම පාර­මිතං ගච්ඡ­යදි බොධිං­පත්තු මිච­ඡසි
ඉමං ත්වං චතු­ත්වං­තාච දළහං කත්වා සමා­ධිය
පඤ්ඤාය පාරමිං ගච්ඡ යදි බොධිං පත්තු මිච්ඡසි
ඉමං ත්වං පංච­මං­තාව දළහං කත්වා සමා­ධිය
විරිය පාර­මිතං ගච්ඡ යදි බොධිං පත්තු මිච්ඡසි
ඉමං ත්වං ශෂ්ඨ­මං­තාච දළහං කත්වා සමා­ධිය
ඛන්තී පාර­මිතං ගච්ඡ සම්බොධිං පාපු­නි­ස්සසී
ඉමං ත්වං සත්ත­මං­තාව දළහං කත්වා සමා­ධිය
සච්ච පාර­මිතං ගත්වා සම්බොධිං පාපු­නි­ස්සසි
ඉමං ත්වං අෂ්ට­මං­තාව දළහං කත්වා සමා­ධිය
අධි­ෂ්ඨාන පාරමිං ගත්වා සම්බොධිං පාපු­නි­ස්සසි
ඉමං ත්වං නව­මං­තාච දළහං කත්වා සමා­ධිය
මෙත්තා පාර­මිතං ගත්වා සම්බොධිං පාපු­නි­ස්සසි
ඉමං ත්වං දස­මං­තාච දළහං කත්වා සමා­ධිය
උපෙක්ඛා පාර­මිතං ගත්වා සම්බොධිං පාපු­නි­ස්සසි

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති 
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි (කොළඹගම පොඩි හාමුදුරුවෝ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division