රනිල් එක්ක මේ රටේ ඉන්න උගත් නූගත් ගොඩක් දෙනෙකුට තියෙන්නේ, දේශපාලන ප්‍රශ්නයක් නොවේය. “හීනමානය” සමඟ එන පුද්ගලික ඇරියස් එකක්ය. රනිල් හාමු.., රනිල් රදලය ගොඩක් අය කියන්නෙ එහෙමය.
මේ රට කරවපු ගොඩක් උන් උත්සාහ කළේ මිනිස්සුන්ට “අපේ එකා” ෆීලින්ග් එක දෙන්නය. ජන්ද දිනන්න ඒක ඉතා වැදගත්ය. ඇත්තටම බැලුවොත් ඒක රැවටීමක් ඇන්දීමක් කියා ජහමනයාට තේරෙන්නේ නැතිය. “අපේ එකෙක්” නොවුණ රනිල්, මේ රටේ නායකයන් වෙච්ච අපේ එවුන් ජන්ද පරදී කියල ගන්න බය වුණ ආර්ථික ප්‍රතිසංස්කරණ තීරණ ගොඩක් අරන් තියෙනවාය. රට බංකොලොත් වුණේ ඕවා කරගන්න බැරි වූ නිසාමය. ඒවා කොයිතරම් මිනිස්සුන්ට අමාරු වුණත් කවුරුන් හෝ ගත යුතුව තිබූ තීන්දු තීරණය. ආර්ථික විද්‍යාව ගැන හූනු බිජුවක දැනුමක් තියෙන මිනිසුන් මේ රට දියුණු නොවෙන්න හේතුව හොරකමම විතරක් නෙවෙයි කියල දන්නවාය. හැබැයි තමන්ගෙ දේශපාලන මත නිසා ඒව පිළිගන්න කැමති නැතිය.
2001 චන්ද්‍රිකා යටතේ ලංකාවේ ආර්ථික වර්ධනය ප්‍රථම වතාවට ඍණ අගයක් වුණ වෙලාවේ රනිල් අගමැති ලෙස බලයට ඇවිත්, IMF ගිහින් මේ තීරණ ගෙන, ආර්ථිකය ධන වෙලා රිකවර් වෙන්න පටන් ගන්න කොටම, ජවිපෙ එකතු වෙලා රනිල්ව එළෙව්වේය. එහෙම එළවල අර පරණ ට්‍රැක් එකේම ගියේය.
2015 ආයෙත් බංකොලොත් වෙන්න ගිය රට නැවතත් එවන් තීරණ අරගෙන, ලංකාවේ ප්‍රාථමික අයවැය අවුරුදු හැටකට පස්සෙ ප්‍රථම වතාවට අතිරික්තයක් ඇති කළේය. කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොවුණත් ජන ජීවිතයට මෙන්ම ආර්ථිකයට අවුලක් නොවූයේ එම ප්‍රතිපත්තිය සංවර්ධිත රටක ප්‍රතිපත්ති හා සම වූ නිසාය. එහෙත් ජයමනයා එකතුව රනිල්ව එළවා පරණ ට්‍රැක් එකටම ඇවිත්, රට නැත්තටම නැතිකරලාම දැම්මේය.
ප්‍රාථමික අය වැය කියන්නේ ණය වාරික ගෙවන්න පෙර රජයේ ආදායම සහ වියදමය. අපේ රටේ හැමදාම ආදායමට වඩා වියදම වැඩිය. ගෙදරක වුණත් ආදායමට වඩා වියදම වැඩි නම් අර හිඟය පියව ගන්නේ ණය අරගෙනය. නැතිනම් ආධාරයක් ලබා ගෙනය.
දැන් IMF එකේ ප්‍රධානම කොන්දේසියක් වන්නේ නැවත මේ රටේ ප්‍රාථමික අය වැය අතිරික්තයක් ඇති කර ගත යුතුය කියන එකය. ඒක කරන්න නම් ඒ ගොල්ලො කියන විදිහට වැඩ කරන්න වෙනවාමය. ඒ කියන්නේ රජයේ ආදායමෙන් වියදම් අඩු කළාට පස්සෙ ණය ගෙවන්නත් අතේ කීයක් හරි ඉතුරු කරගන්නෙයි කියන එකය.
රනිල් කරමින් සිටින්නේ ඒකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ටිකය. තව කරන්න වැඩ ගොඩාක් තියෙනවාය. අතිරික්ත රාජ්‍ය සේවකයන් අඩු කරන්න, පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණලා දාන්න, ලාබ ලබන ආයතනත් ප්‍රතිව්‍යුහගත කරන්න වගේ ඒවාය. තවදුරටත් ණය අරන් දීපු සහනාධාර ආර්ථික ක්‍රමය මේ රටේ ක්‍රියාත්මක කරන්න බැරිය. අස්වැසුමට ආධාර ලැබෙන්නේ ඒ නිසාය.
ඔය ටික කළාම කරන එකා ඊළඟ ජන්දය කොහොමත් පරාදයි. රනිල් නැවත බලයට ගෙන ඒම වැදගත් වෙන්නෙ ඔන්න ඔතනදීය. රනිල් මේ කරන්නේ කාටවත්ම කරන්න බැරි වැඩක් නෙවෙයිය. රනිල් එහෙම සුපිරි පට්ට මොළ කාරයෙකුත් නෙවෙයිය. හැබැයි මේකේ බලයට එන්න ඉන්න එකාලට තමන්ගෙ දේශපාලන අනාගතය විනාශ වෙන නිසා ගන්න බය තීරණ රනිල්ට ගන්න පුළුවන්ය. ඔහු ඒවා ගත්තේය.
ඒවා කෙටිකාලීනව ජනතාවට අමාරු වුණාට දිගුකාලීනව මේ රට හරි මඟට ගෙනෙනා තීරණය.
රනිල් වික්‍රමසිංහ හැමදාම බලයෙ ඉන්න ඕනෙ නැතිය. එහෙම ඉන්නත් බැරිය. හැබැයි අපි හැමෝගෙම අනාගතය තියෙන්නේ මේ පාර දිනන එකා මතය. ඒ දිනන එකා මේ අරන් තියෙන තීරණ වෙනස් නොකර අනිවාර්යයෙන් අරන් යන්න ඕනෑමය. මොකද අපි දැන් බංකොලොත් රටක්ය. ඉතා කෙටි කාලයක් තුළ ගොඩ එමින් සිටින්නේ IMF වැඩසටහනට ඇතුළත් වුණ නිසාය. ණය දුන් රටවල් හා ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීම්වලට එකඟ වෙන්නේ අපි IMF ගිය නිසාය.
මීට කලින් 16 සැරයක් කළා වගේ IMF වැඩසටහනෙන් මඟදි ඉවත් වී, ගෝටා කළා සේ බදු අඩු කර, සහනාධාර දී පිස්සු කෙලලා අර දේශීය ආර්ථිකය ගෙනාවොත් ආයේ නම් සංසාරේ තියා අම්පාරෙන්වත් ගොඩ ඒම සම්මා බොරුමය.
ඒ නිසා 2024 මැතිවරණයකින් දිනන ආණ්ඩුව කවුරු වුණත්,
” මම සිංහයෙක් වගෙ IMF ගිහිල්ලා මගෙ කොන්දේසිවලට ණය ගන්නවා. මම ඉංග්‍රීසියෙන් කතා කරලා නායකයොන්ව කොර කරලා උදව් ගන්නවා ” වගෙ අම්බරු කතා නොකියා,
පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙ වියදම් කප්පාදු කරලා, හොරකම්වලට දඩුවම් දීලා ඒ සල්ලි අරන්, කැනඩාවේ සහෝදරවරුන් එවන ඩොලර් මිලියනේ ගානෙ එකතු කරලා ප්‍රශ්න විසඳනවා වගේ… මිනිස්සු අන්දන ගොමු අන් කතා නොකියා…ජනතාවට ඇත්ත කියලා ගෙදර යන එක ඊට වඩා හොඳය.
ඒ වගත් මෙසේය…
පරාක්‍රම බස්නායක