Home » අධික රස්නය අප්‍රේල් තෙක්

අධික රස්නය අප්‍රේල් තෙක්

by Mahesh Lakehouse
March 16, 2024 12:39 am 0 comment

මේ දිනවල පවතින අධික උණුසුම අප්‍රේල් මස මැද දක්වා පවතින බවත් අප්‍රේල් මස මැද භාගයේදී පමණ අධික රස්නය පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට පැවැසීය. අප්‍රේල් මස 15 වැනිදා සිට ක්‍රමයෙන් වර්ෂාව ලැබෙන බවත් අධික

උණුසුම ඉන් පසුව පහව යනු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය. මැයි මාසයේ 25 වැනිදායින් පසු නිරිත දිග මෝසම සක්‍රිය වන බව පැවසූ හෙතෙම පෙන්වා දුන්නේ මේ මස අවසානයේ සිට උදෑසන සුළු වර්ෂාවක් නැඟෙනහිර, ඌව පළාත්වලට සහ සවස් කාලයේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම පළාත්වලට ද ලැබීමට ඉඩ ඇති බවයි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division