Home » පරිසරයට නීති සම්පාදනයට විපක්ෂයේ සහාය

පරිසරයට නීති සම්පාදනයට විපක්ෂයේ සහාය

by Mahesh Lakehouse
March 16, 2024 12:38 am 0 comment

කුමන ආණ්ඩුවක් පැවතිය ද පක්ෂ භේදයකින් තොරව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොදු වගකීම විය යුත්තේ පරිසරයට හානිකර නොවන නීති රීතී සම්පාදනය කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි. හෙතෙම ඒ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ පාරිසරික පාර්ලිමේන්තු සංසදයේ කාර්යභාරය සහ අරමුණු පැහැදිලි කිරීම වෙනුවෙන් ඉකුත් දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අර්ධයකට වඩා ජීවත් වන්නේ රටේ පහත් බිම් සහ වෙරළබඩ ප්‍රදේශවල බැවින් උෂ්ණත්වය ඉහළ යෑම විශාල ගැටලුවක් බවත් පැරිස් ගිවිසුමේ සම්මුතීන්ට අනුව වසර 2030දී පුනර්ජනනීය බලශක්තිය සියයට 70 දක්වා වැඩි කිරීමටත් 2050 වන විට කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සම්පූර්ණයෙන් නැති කිරීමටත් කටයුතු කළ යුතුව තිබෙන බව ද හෙළි කළේය.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ ලෝකයේ අභ්‍යන්තරයේ පවතින පාරිසරික ප්‍රශ්න හේතුවෙන් අපේ රටට ද විවිධ පාරිසරික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව තිබුණද ගෝලීය පරිසර විවාදයට සම්බන්ධ වී එම ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බවය.

ජන ජීවිතයටත් රටේ ආර්ථිකයටත් බලපාන දේශගුණික විපර්යාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන ද මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය. ඒ සම්බන්ධයෙන් බලපාන ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයක් සිදුවිය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉකුත් වසර 10-15 තුළ අපේ අභ්‍යවකාශ පටලයට සිදුවූ හානි සම්බන්ධයෙන් මෙහිදී අනාවරණය කළ මන්ත්‍රීවරයා ඒ හේතුවෙන් අධික උණුසුමට මෙන්ම ජලගැලීම් වැනි ස්වාභාවික විපත්වලට ද මුහුණ දීමේ අවදානමක් ඇති විය හැකි බව පැවසුවේය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division