Home » ඇමැති බන්දුල ලෝක බැංකු සමුළුවකට වොෂින්ටන් යයි

ඇමැති බන්දුල ලෝක බැංකු සමුළුවකට වොෂින්ටන් යයි

by Mahesh Lakehouse
March 16, 2024 12:35 am 0 comment

ලෝක බැංකුවේ මූලිකත්වයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරදී පැවැත්වෙන ’ ප්‍රවාහන පරිවර්තන කිරීමේ 21 වන සමුළුවට ‘ සහභාගි වීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන 17 ඉරිදා වොෂින්ටන් නුවර බලා පිටත් වේ. මාර්තු මස 18 වැනිදා සිට 20 දක්වා මේ සමුළුව පැවැත්වේ.

17 වෙනිදා වොෂින්ටනය බලා යන ඇමැතිවරයා 18 වෙනිදා ලෝක බැංකු MC මහල් වෙත පැමිණෙන අතර එහිදී SAR ප්‍රවාහන පුහුණු කළමණාකරු, Fei Deng මහත්මිය විසින් ඇමැතිවරයා පිළිගනු ලැබේ. එදිනම විධායක රැස්වීමකට ඇමැතිවරයා සහභාගි වනු ඇත.

19 වෙනිදා ප්‍රවාහනය සම්බන්ධ පළමු සැසිය පැවැත්වෙන අතර එදින පස්වරුවේ බස් ප්‍රතිසංස්කරණ, පොදු ප්‍රවාහන හා ඊට අදාළ අනෙකුත් ක්‍රියාකාරීත්වයන් සම්බන්ධ එහි නියෝජිතයන් සමඟ සාකච්ඡා කෙරෙනු ඇත.

20 වෙනිදා අමාත්‍යවරයා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ ප්‍රෙස්න්ටන් ශ්‍රවණාගාරයයේදී විශේෂ සංවාද සැසියකට සහභාගී වේ.ඊට අමතරව එදින ඉන්දියානු , බ්‍රසීල හා නේපාල නියෝජිතයන් සමඟද විශේෂ සාකච්ඡාවකට සහභාගි වන අතර එදින ඊ බස් සේවා ඇතුළු බස් රථ සම්බන්ධ නවීන තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් ඇමැතිවරයා විශේෂ සාකච්ඡාවන්ට සහභාගි වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division