2024 අය වැය යෝජනා අනුව ‘ස්ටේෂන් ප්ලාසා‘ යටතේ නාගරික ගමනාගමනයෙහි නව්‍යතාවයක් ඇති කිරීම වෙනුවෙන් දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීම උදෙසා ආයෝජනය කිරීමේ අවස්ථාවන්ට සම්බන්ධ වීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘතියක් (ppp) හරහා නාගරික ප්‍රදේශයන් සංවර්ධනය කිරීමට ආයෝජකයන්ට ප්‍රවාහන අමාත්‍යාංශය ආරාධනා කර සිටී.
ප්‍රධාන දුම්රිය ස්ථානයන්හි බහුවිධ අවශ්‍යතා සපුරාලන, සුඛෝපභෝගී ජීවන රටාව හා සැබඳි වාණිජ කාර්යයන් සඳහා ද පහසුකම් ඇති කිරීමේ අභිලාශය පෙරදැරිව (Eol) මෙම ව්‍යාපෘතියට ආයෝජනය සඳහා ආරාධනා කෙරේ.
මූලික ව්‍යාපෘති දුම්රිය ස්ථාන ලෙස කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථාන 6 මේ වන විට යෝජනා වී ඇති අතර මීට අමතර වෙනත් දුම්රිය ස්ථාන සඳහා ද යෝජනා ඉදිපත් කළ හැකිය. වාණිජ හා සිල්ලර වෙළෙඳ කටයුතු ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීමේ සුවිශේෂී ව්‍යාපෘතියක් සඳහා දායකත්වය ලබාදෙන ලෙස දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් වෙත අමාත්‍යාංශය ආරාධනා කර සිටී.
ව්‍යාපෘතිය සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු, මාර්ගෝපදේශ සඳහා අප්‍රේල් 01 දිනෙන් පසු ප්‍රවාහන අමාත්‍යාංශ නිල බෙබ් අඩවිය වන www.transport.gov.lk හෝ 0112187200/ 0112187201 මඟින් ලබා ගත හැකිය.