Home » කාන්තා සාමය හා ආරක්ෂාවෙන් දකුණු ආසියාවේ මුල් තැන ශ්‍රී ලංකාවට

කාන්තා සාමය හා ආරක්ෂාවෙන් දකුණු ආසියාවේ මුල් තැන ශ්‍රී ලංකාවට

by Mahesh Lakehouse
March 16, 2024 12:33 am 0 comment

ලෝක කාන්තා සාමය සහ ආරක්ෂාව පිළිබඳ දර්ශකයේ දකුණු ආසියාතික කලාපයේ මුල්ම තැනට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. රටවල් 177ක් පාදක කරගෙන කාන්තාවන්ගේ සාමය සහ ආරක්ෂාව සඳහා වන ජෝර්ජ් ටවුන් ආයතනය විසින් සකස් කළ මෙම දර්ශකයේ ලෝකයේ මුල්ම තැන ඩෙන්මාර්කයටත් දෙවැනි තැන ස්විස්ටර්ලන්තය සහ තෙවන ස්ථානය ස්වීඩනටයත් හිමි වී ඇත. දර්ශකයේ අවසන් තැන එනම් 177වන ස්ථානය දකුණු ආසියානු කලාපික රටක්වන ඇෆ්ගනිස්ථානයට හිමි වී තිබේ.

දකුණු ආසියාතික කලාපයෙන් පළමු ස්ථානයේ පසුවන ශ්‍රී ලකාව මෙම ලෝක දර්ශකයේ පසු වන්නේ 60වන ස්ථානයේ ය.

මාලදිවයින 72 වැනි ස්ථානයේත්, භූතානය 82 වැනි ස්ථානයේත්, නේපාලය 112 වැනි ස්ථානයේත් ඉන්දියාව 128 වැනි ස්ථානයේත්, බංග්ලාදේශය 131 වැනි ස්ථානයේත්, පකිස්ථානය 158 වැනි ස්ථානයේත් පසුවේ.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division