ඉන්දියාවේ සාමාන්‍ය ආයු අපේක්ෂාව 2022 වසරේ දී අවුරුදු 67.7ක් විය. වසරකට පෙර එය අවුරුදු 62.7ක්ව පැවතිණ. රටේ දළ ජාතික ආදායම ඩොලර් 6951 දක්වා වැඩි වී ඇති අතර එය මාස 12ක් තුළ සියයට 6.3කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකය පවසයි. එම වාර්තාවට අනුව පාසල් අධ්‍යාපනයේ අපේක්ෂිත වසරවල වැඩි වීමක් පෙන්නුම් කරයි.
“ඉන්දියාව වසර ගණනාවක් පුරා මානව සංවර්ධනයේ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇත. 1990 සිට, උපතේදී ආයු අපේක්ෂාව වසර 9.1කින් ඉහළ ගොස් ඇත; පාසල් අධ්‍යාපනයේ අපේක්ෂිත වසර අවුරුදු 4.6කින් වැඩි වී ඇත; එමෙන්ම පාසල් අධ්‍යාපනයේ මධ්‍යන්‍යය වසර අවුරුදු 3.8කින් වර්ධනය වී ඇත. ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම දළ වශයෙන් සියයට 287කින් වර්ධනය වී ඇත,” එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ එරට නිත්‍ය නියෝජිත කයිට්ලින් වෙයිසන් පැවසීය.
ලිංගික අසමානතා වාර්තාව මඟින් ඉන්දියාව තුළ “ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවය අඩු කිරීමේ ප්‍රගතියක්” පෙන්නුම් කර ඇති අතර, ස්ත්‍රී පුරුෂ අසමානතා දර්ශකය තුළ ගෝලීය සාමාන්‍යයට වඩා 0.437ක ප්‍රගතියක් සලකුණු කර ඇත.
පසුගිය වසරේ 73 වැනි ස්ථානයේ සිට ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 5ක් පහත වැටී 2022 දී 78 වැනි ස්ථානයට පත්වුවද ශ්‍රී ලංකාව තවදුරටත් මානව හිමිකම් දර්ශකයේ කලාපයේ හොඳම රට ලෙස ඉදිරියෙන් සිටී.