කෘෂිකර්මාන්තය යනු රටේ ජීවනාලිය යි. සමස්ත මානව සමාජයේ මූලික පදනම යි. එය ආහාර සැපයීමෙන් පමණක් නොනැවතී ජීවනෝපායන් නිර්මාණය කරයි.
නමුත් තවදුරටත් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය තුළ ඉදිරි ගමනක් නැති බව, වෙනස් වන සුළු කාලගුණික දේශගුණික තත්ත්වයන් සමස්ත ලෝකයටම මතක් කර දෙයි. එහෙයින්, තිරසාර, කාර්යක්ෂම සහ ඔරොත්තු දෙන කෘෂිකාර්මික විප්ලවයක් රටකට අවශ්‍යය ය. දේශගුණික විපර්යාස, සම්පත් බාධා සහ වැඩිවන ගෝලීය ජනගහනය පෝෂණය කිරීමේ අවශ්‍යතාවයෙන් මතුවන සංකීර්ණතා මඟහරවා ගැනීම සඳහා අපගේ ගොවීන් අති නවීන තාක්ෂණයේ බලය උපයෝගී කර ගැනීමට කාලය එළැඹ තිබේ.
මේ සඳහා, කෘෂිකර්මාන්තයේ, ආහාර නිෂ්පාදනයේ සහ තාක්ෂණයේ තිරසාර, කාර්යක්ෂම සහ නව්‍ය විසඳුම් අත්‍යවශ්‍ය ය. කෘෂිකාර්මික, ආහාර සහ තාක්ෂණයේ නව මං ඉගෙන ගැනීමට සහ දැනුම බෙදා හදා ගැනීමට මෙම ප්‍රදර්ශනයේදී සියලු ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ආරාධනා කෙරේ.
“අනාගත අස්වැන්න” – කෘෂි ආහාර සහ තාක්ෂණික එක්ස්පෝ ප්‍රදර්ශනය -2024 පිළිබඳ සංවිධායකත්වය දරන Event Mate Pvt Ltd ආයතනයේ Chief Creative Officer චරිත් ලක්ෂිත විල්ලාරච්චි මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි.
“මේ Event Mate Pvt Ltd අප ආයතනය සංවිධානය කරන දැවැන්තම කෘෂි ආහාර සහ තාක්ෂණික ප්‍රදර්ශනයයි. ඇත්තටම අප ප්‍රදර්ශන සංවිධානය කරන ආයතනයක් ලෙස, මෙවර තේමාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. මොකද, අපත් කෘෂිකාර්මික රටක් වන නිසා. වතුර බිඳුවක් වත් නැති රටවල් අපිට වඩා හොඳින් නවීන තාක්ෂණයට අනුව වගා කර හොඳ කෘෂි ආර්ථිකයක් පවත්වා ගෙන යනවා. බොහෝ විට අපේ රටේ කෘෂිකර්මාන්තය තවමත් පවතින්නේ සාම්ප්‍රදායික වගා ක්‍රම මතයි. ගොවීන්ගේ මහන්සියේ තරමට ප්‍රතිඵල නැහැ. අස්වනු නෙළා ගැනීම, වගා කිරීම, සහ අවසාන නිෂ්පාදනය අලෙවි කිරීම යන මේ සෑම කාරණාවකදී ම ගොවීන් මීට වඩා ඉදිරියට ආ යුතුයි. ඒ සඳහා ඔවුන් නවීන තාක්ෂණය භාවිත කිරීම දැන් දැන් අත්‍යවශ්‍ය කාරණයක්.
ඒ වගේම, අස්වනු ආරක්ෂා කර ගැනීම සහ ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමේ දී සන්නාමයක් ලෙස ඉදිරිපත් කිරීම යන කාරණා පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුයි.
කෘෂිකාර්මික දැනුම ලබා ගන්නට මෙවැනි ප්‍රදර්ශන ඉතා වැදගත්. නමුත් ඒ හා බැඳුණු ආහාර සහ තාක්ෂණය කියන සියලු කාරණා එකට එක් වන්නේ නැති තරම්.
අපේ රටේ තාක්ෂණික ප්‍රදර්ශන කිව්වොත් රටේ තිබෙන දැවැන්තම සමාගම් ටික තමයි ඒවායේ තාක්ෂණික මෙවලම් සහ කෘෂි උපකරණ ප්‍රදර්ශනය කරන්නේ. ආහාර ප්‍රදර්ශන කිව්වොත් වියළි එළවළු පලතුරු වගේ දේ තමයි මූලික වෙන්නේ. කෘෂිකාර්මික ප්‍රදර්ශන ඉදිරිපත් කරන්නේ තවත් වෙනම කට්ටියක්. ඉතින් මේ රටේ ඉන්න කුඩාම ව්‍යවසායකයාට සමහර විට මේ පාර්ශ්ව තුනම මුණ ගැහෙන්නේ නැති තරම්. ඔවුන්ට ඉහළ වෙළඳපොළ ප්‍රවිෂ්ඨය දැක ගන්නටවත් ලැබෙන්නේ නැති තරම්. Event Mate Pvt Ltd අප ආයතනය පුරවන්නට හදන්නේ මෙන්න මේ හිස්තැනයි.
SME Group හෙවත් සුළු හා මධ්‍ය පරිමාණ කියන ව්‍යාවසායක කාණ්ඩයට කවදාවත් එකම ප්‍රදර්ශනයක දී මේ අත්දැකීම විඳගන්නට ලැබෙන්නේ නැති නිසා අප ආයතනය ඒ හිස් තැන පුරවන්නට හිතුවා.
ඒ අනුව මේ වසරේ BMICH හිදී මාර්තු 29, 30, 31 පැවැත්වීමට නියමිත මෙම ප්‍රදර්ශනයට ව්‍යවසායකයින් වගේම දෙස් විදෙස් ආයෝජකයින් ද ගෙන්වන්නට අප කටයුතු කර තිබෙනවා.
ඉතා කුඩාවට ව්‍යාපාරයක් කළත් සමහර කෙනකුට මේ ප්‍රදර්ශන භූමියේ කුටියක් වෙන් කර ගන්නට මුදල් නැති වෙන්නට පුළුවන්. නමුත් ඒ අයට පුළුවන් නරඹන්නන් ලෙස මෙතැනට පැමිණ ඒ අයගේ නිෂ්පාදන සඳහා ආයෝජකයකු සොයා ගන්න. ප්‍රදර්ශන භූමියේ දී ආයෝජනකරුවන් කිහිප දෙනකුම ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව තමන්ගේ නිෂ්පාදනය කුමක් වුවත් එය සංවර්ධනය කිරීමට වැඩිදියුණු කිරීමට අවශ්‍ය උපදෙස් සහ දැනුම මේ ආයෝජකයන් හරහා ලබා ගන්නට පුළුවන්. තමන්ගේ නිෂ්පාදනය Brand එකක් බවට පත්කර, ඉහළ වෙළෙඳපොළ ඉලක්ක කර නිර්මාණය කර ගන්නේ කෙසේද යන සියලු දැනුම අවබෝධය කුඩා ව්‍යවසායකයන්ට මෙතැනදී නොමිලේ ලබා ගන්නට පුළුවන්. ආයෝජකයන් සමඟ ඍජුව සම්බන්ධ වීමේ අවස්ථාව උදාවන නිසා කුඩා ව්‍යවසායකයකු තුළ පැන නඟින සියලු ගැටලු ඔවුන්ට ඉදිරිපත් කරන්නට හැකි වනවා.
මෙම ප්‍රදර්ශනය සඳහා මැදපෙරදිග කලාපයේ සිට ආයෝජකයින් සහ නියෝජිතයන් ගේ පැමිණීම තහවුරු කර තිබෙනවා. ඔවුන් ඩුබායි කාන්තාරයේ කොස්, දෙල් සහ ගස්ලබු වවන අය. ඔවුන්ට ලංකාවෙන් ගන්නට බොහෝ දේ තිබේවි. අපේ අයටත් පුළුවන් ඔවුන් හා සම්බන්ධ වෙන්න. ඒ හරහා අපේ කුඩා ව්‍යවසායකයන්ටත් අපනයන වෙළෙඳපොළ විවර වනවා. ඊට අමතරව ඉන්දියාව, ඉරානය සහ ලෙබනන් රටෙන් නිෂ්පාදකයන් සහ ආයෝජකයන් පැමිණෙන බව තහවුරු කර තිබෙනවා.
තවත් වැදගත් දෙයක් තමයි ලංකාවේ 20%ක් පමණ සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් කුඩා ව්‍යවසායකයන්ට අත දීමක් හරියට වෙන්නේ නැහැ. අපේ ඇතැම් ගොවීන්ට වගාකරුවන්ට සල්ලි තිබුණත් තමන්ගේ නිෂ්පාදනයට වටිනාකමක් ඇති කරගන්න අවශ්‍ය හොඳ Logo එකක්, හොඳ නමක් සහ digital marketing පැත්ත පිළිබඳ ඔවුන් දන්නේ නැහැ. ඇතැම් නිෂ්පාදන ‘චූටි පුතා තල කැරලි…’ ‘සුදු පුතා තලගුලි…’ වැනි නම්වලින් හඳුන්වන අවස්ථා තිබෙනවා. නිෂ්පාදනවලට හොඳ වටිනාකමක් එන විදියට බ්‍රෑන්ඩ් කරගන්න අවශ්‍ය සෑම අංශයකම දැනුම සහ උපදෙස් ලබා දෙන වෙනම කවුළුවක් Event Mate Pvt Ltd වෙතින් වෙනම විවෘත කොට තිබෙනවා. එහිදී තමන්ගේ නිෂ්පාදනයට ගැළපෙන මාකට් Value එක ලැබෙන නමක් සාදා ගන්නට උපදෙස් ගන්න පුළුවන්. විසිටින් කාඩ් එකක් හදාගන්න උපදෙස් ගන්න පුළුවන්. තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය ලෝගෝ එක, ටැග් ලයින් එක, Letterhead එක, Website එක නිර්මාණශීලීව හදාගන්නට අවශ්‍ය සියලු උපදෙස් නොමිලේ ලබා ගන්නටත් පුළුවන්.
අපගේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට උඩට එන්න නම් අනිවාර්යෙන් තමන්ගේ නිෂ්පාදනය සන්නාමයක් බවට පත් කර ගත යුතුයි. මේ ප්‍රදර්ශනය ඔවුන්ට මේ සියලු දේ ළඟා කර ගත හැකි එවැනි අවස්ථාවක්.
මොකද, සාමාන්‍යයෙන් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයකුට කොහෙන්වත් මේ දේවල් නොමිලේ කරගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට කියලයි අප ඔවුන්ට කියන්නේ…”
මෙය වැදගත් වන්නේ කාටද…
ගොවීන් සහ කෘෂිකාර්මික වෘත්තිකයන්ට
මෙම ප්‍රදර්ශනය මඟින් ගොවීන්ට සහ කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන්ට බෝග අස්වැන්න වැඩි දියුණු කිරීමට, වියදම් අඩු කිරීමට සහ ගොවිතැනේ තිරසාර බව ඉහළ නැංවීමට හැකි නව්‍ය තාක්ෂණ සහ භාවිතයන් සොයා ගැනීමට අවස්ථාව සලසා දෙයි.
ආහාර කර්මාන්තයේ වෘත්තිකයන්ට
ආහාර සැකසීම, බෙදා හැරීම සහ තත්ත්ව පාලනයට සම්බන්ධ පුද්ගලයින් මෙයට ඇතුළත් වේ. ප්‍රදර්ශනයට ආහාර සැකසීම, ඇසුරුම්කරණය සහ ආරක්ෂාව මෙන්ම පාරිභෝගික අභිරුචිවල ප්රවණතා ද ප්‍රදර්ශනය කෙරේ.
රාජ්‍ය ආයතන සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට
කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව සහ තාක්ෂණික රෙගුලාසිවලට අදාළ ප්‍රතිපත්ති දැනුම් දිය හැකි නවෝත්පාදන පිළිබඳ ඉගෙන ගැනීමට රජයේ ආයතනවල නියෝජිතයින්ට සහභාගි විය හැකිය.
විද්වතුන් සහ පර්යේෂකයන්ට
ප්‍රදර්ශනය ගවේෂකයන්ට සහ විද්වතුන්ට ඔවුන්ගේ සොයාගැනීම් බෙදාහදා ගැනීමට සහ ක්ෂේත්රයේ නවතම වර්ධනයන් පිළිබඳ සාකච්ඡා කිරීමට වේදිකාවක් වේ.
රාජ්‍ය නොවන සංවිධානවලට (NGO)
කෘෂිකාර්මික හා ආහාර ආශ්රිත ගැටලු කෙරෙහි අවධානය යොමු කරන රාජ්‍ය නොවන සංවිධාන සාගින්න තුරන් කිරීම, ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ මෙහෙවරට උපකාරී වන තාක්ෂණ සහ භාවිතයන් හඳුනා ගැනීමට සහභාගී වනු ඇත.
පාරිභෝගිකයින් සහ මහජනතාවට
ප්‍රදර්ශනයක් සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීමට සහ සම්බන්ධ කර ගැනීමට ද සැලසුම් කළ හැකිය. ඔවුන්ගේ ආහාර පැමිණෙන්නේ කොහෙන්ද සහ තාක්ෂණයේ බලපෑම ඔවුන්ට තේරුම් ගැනීමට හැකි වනු ඇත.
කෘෂිකර්මාන්තය සහ ආහාර නිෂ්පාදනය. කෘෂිකර්මාන්තයේ අනාගතය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා තරුණ සිසුන් සහ තරුණ සංවිධාන එක්රැස් කිරීම මෙම උත්සවයේ අරමුණයි.
ප්‍රදර්ශන කුටි
කෘෂි තාක්ෂණික නවෝත්පාදන, නිරවද ගොවිතැන් මෙවලම්, ස්මාර්ට් යන්ත්‍රෝපකරණ සහ බෝග නිරීක්ෂණ පද්ධති වැනි කෘෂිකාර්මික තාක්ෂණයේ නවතම දියුණුව ප්‍රදර්ශනය කෙරේ.
තිරසාර ගොවිතැන
තිරසාර බව, කාබනික ගොවිතැන සහ පරිසර හිතකාමී විසඳුම් අවධාරණය කරන භාවිතයන් ප්‍රවර්ධනය කෙරේ.
ආහාර නිෂ්පාදන සහ වෙෙළඳ නාම
දේශීය සහ ජාත්‍යන්තර ආහාර නිෂ්පාදන, පාන වර්ග සහ වෙළෙඳ නාම විශේෂාංග මීට අයත් වේ.
ගොවි වෙළෙඳපොළ
දේශීය ගොවීන්ට ඔවුන්ගේ නැවුම් නිෂ්පාදන සහ නිෂ්පාදන අලෙවි කිරීමට ඉඩක් ලබා දීම.
නිෂ්පාදන ආදර්ශන
සජීවී ගොවිතැන් ආදර්ශන: ගොවීන් සහ විශේෂඥයින් නවීන ගොවිතැන් ක්‍රම සහ උපකරණ ප්‍රදර්ශනය කරයි.
ඉවුම් පිහුම් ආදර්ශන: සූපවේදීන් සහ සූපශාස්ත්‍ර ප්‍රවීණයන් නැවුම්, දේශීයව ලබා ගත් අමුද්‍රව්‍ය භාවිතයෙන් රසවත් කෑම පිළියෙළ කරන ආකාරය ප්‍රදර්ශනය කරයි.
ජාලකරණ සිදුවීම්
B2B රැස්වීම්: කර්මාන්තයේ සමාගම් සහ ආරම්භකයින් සඳහා ව්‍යාපාරයෙන් ව්‍යාපාර ජාලකරණයට පහසුකම් සැලසේ.
තරුණ සහභාගීත්ව සැසි
සිසුන්ට සහ තරුණ වෘත්තිකයන්ට කර්මාන්ත නායකයින් සහ උපදේශකයින් සමඟ ජාලගත වීමට අවස්ථාව සැලසේ.
ඉනෝකා පෙරේරා බණ්ඩාර