MAS Holdings තිරසර අධ්‍යාපනය වෙනුවෙන් සිය කැපවීම යළි තහවුරු කළේ, පසුගියදා තුල්හිරිය MAS Athena හි පැවති 2023 Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහන සාර්ථකව නිම කරමිනි. 2023 වසරට අදාළව පාසල් සිසුන් විසින් ක්‍රියාත්මක කළ සුවිශේෂී ව්‍යාපෘති හඳුනා ගැනීම, ඇගැයීම, සමාජ සහ පාරිසරික බලපෑම ප්‍රදර්ශනය කිරීම මෙම සම්මාන උත්සවයේ අරමුණ විය.
මෙහිදී අදහස් දැක්වූ MAS Holdings සමූහ තිරසර ව්‍යාපාර අධ්‍යක්ෂිකා නිමන්ති කූරගමගේ, ‘‘Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහන තුළින් නව්‍යකරණ අදහස් සහිත නව පරපුරේ නිර්මාණකරුවන් විසින් ඉදිරිපත් කරන ලද විසඳුම් තුළින් මෙරට පරිසර පද්ධතියට සුවිසල් දායකත්වයක් දැක්වීමේ හැකියාව උදා වන අතරම, ඒ තුළින් දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අභියෝග අවම කර එම අභියෝග ජය ගැනීමට හැකියාව උදා වනවා…’’ යනුවෙන් පැවසුවාය.